මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩල හමුව රැස්වේ

    පෙබරවාරි 19, 2016
    ගාල්ල දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩල හමුව මෙම වසරේ පළමු වරට ඊයේ(18) දින රැස් විය.
    මෙහිදී අදහස් දැක්වු සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මිය, සංස්කෘතික පර්ශද පාසල් මට්ටමින් ස්ථාපිත කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ කටයුතු සම්පාදනය කර ඇති බවත් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ දායකත්වය හිමි වන බවටත් පැවසීය.  
     
    සෑම විටම කලාව හා සංස්කෘතිය සුරැකීම රජයට පමණක් සිදු කල හැක්කක් නොවන බවත් ඒ සඳහා සියල්ලන්ගේම කැපවීම අවශ්‍ය බව ඒ මහත්මිය විසින් පෙන්වා දෙන ලදී. එමෙන් ම බහුතරයක් කලා කරුවන්ට බාහිරට පෙනෙන හදවත සැබෑවටම නොමැති බවත් අනොන්‍ය සුහදතාවය ඔවුන්කෙරෙන් දුරස් වී ඇතිබවත් ඒ මහත්මිය පවසා සිටියා ය. එමෙන්ම ඉදිරියේදී රාජ්‍ය අංශයේ ඵලදායිතාව ඇගයීමේදී ඒකී රාජ්‍ය අංශය විසින් සිදු කරනු ලබන සංස්කෘතික කටයුතු වෙනුවෙන් විශේෂ ඇගයීමක් සිදු කිරීමටද යෝජිත බවට අධ්‍යක්ෂතුමිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
     
    මෙම අවස්ථාවට  දිස්ත්‍රික් නියෝජිතයින් රැසක් ද සහභාගී වූහ.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya