මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්ත ආධාර මත භික්ෂු රෝහලක් සහ භික්ෂූ සරසවියක් ඉදිකිරීමට අවධානය..

    පෙබරවාරි 18, 2016
    තායිලන්ත අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ නව භික්ෂූ රෝහලක් සහ භික්ෂූ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇතැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. 
    පසුගියදා කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිළ නිවසේ දී පැවති විශුද්ධිමග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ මංගල සභාවාරය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය වෙනුවෙන් දැනට ක්‍රියාත්මක ජාතික වැඩපිළිවල ශක්තිමත් කිරීම හා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් කටයුතු කිරීම මෙම සම්මේලනයේ මූලික අරමුණයි. එසේම, සිව්වනක් පිරිසෙහි අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ හැකි පරිදි භික්ෂූන් වහන්සේ සවිබල ගැන්වීම හා උන්වහන්සේට අවශ්‍ය අනුග්‍රහය ලබා දීමට ද මෙම සම්මේලනය අපේක්ෂා කරයි. 
     
    ශ්‍රී ලංකාවේ ඓතිහාසික ශාසනික සේවාවක් වන අන්තර්ජාතික මට්ටමේ ධර්ම ප්‍රචාරණ කටයුතු පුළුල් කිරීම ශක්තිමත් කිරීටම ද මෙම සම්මේලනයේ අපේක්ෂාව කරන අතර ඒ සඳහා භික්ෂූන් වහන්සේගේ ඉංග්‍රීසි දැනුම හා සන්නිවේදන කුසලතා සංවර්ධනය කිරීමට අවශ්‍ය වැඩපිළිවල ක්‍රියාත්මක කිරීම ද මෙමගින් සිදු කරනු ඇති.
     
    ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේගේ ආශීර්වාදයෙන් නිර්මාණය වුණු මෙම සම්මේලනයේ නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම ද එදින සිදු විය.
     
    ඒ අනුව, එහි ප්‍රධාන අනුශාසක ලෙස එම සම්මේලනයේ නිර්මාතෘවර ආචාර්ය නාගොඩ සද්ධාලෝක හිමියෝ පත් කර ගනු ලැබූහ.
     
    විශුද්ධිමග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිධුරයට කතානායක කරු ජයසූරිය මහතා ද උප සභාපතිධුරයට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ද තෝරා පත් කර ගනු ලැබූ අතර ලේකම්වරිය ලෙස තෝරා පත් කර ගනු ලැබූයේ මහාචාර්ය ඉන්ද්‍රාණි මුණසිංහ මහත්මියයි.
     
    එසේම, නීතීඥ අකිල විරාජ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු, ගයන්ත කරුණාතිලක, නීතිඥ සුජීව සේනසිංහ යන අමාත්‍යවරුන්ගෙන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ස්වාධීන රූපවාහිනී සභාපති හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් ද මෙම සම්මේලනයේ අනුශාසනා කටයුතු වෙනුවෙන් පත් කරගනු ලැබූහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya