මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගය පැවැත්වේ

    පෙබරවාරි 16, 2016
    ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගී කරවීම සදහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගය පසුගිය දා ගලදාරි හෝටලයේදී පැවැත්විණි.
    එහිදී විවාහක රූ රැජින ලෙස තිදෙනකු තෝරා ගන්නා ලදී. ඔවුන් තිදෙනා ලෝක විවාහක රූ රැජින තේරීමේ ආසියාවේ හා චීනයේ පැවැත්වෙන තරඟාවලි තුනක් වෙත යොමු කිරීම අරමුණ වේ. මෙහිදී 2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත්වූයේ නර්මදා යාපා අබේවර්ධන, හිමාලි ගුණවර්ධන, ලක්මාලි මලුදුගම යන මහත්මීන් වූ අතර ඔවුන් වෙත කිරුළ පැළදවීම සිදුකලේ 2015 ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළ පැළද සිටින මරීනා ඇලෙක්ස්සිචික් (Marina Alekscychik) මහත්මිය විසිනි.
     
    ​මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා 2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජිනියන් ලෙස තේරී ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනයෙන් ලෝක රූ රැජින තරගාවලි නියෝජනය කිරීමට අපේක්ෂා කරන නර්මදා යාපා අබේවර්ධන, හිමාලි ගුණවර්ධන, ලක්මාලි මලුදුගම වෙත ඇමති ගයන්ත කරුණාතිලක මහතා සුභ පැතුම් පිරිනැමීම ද සිදුවිණි.
     
    මෙම තරගය සංවිධානය කර තිබුනේ ප්‍රවීන නිරූපන ශිල්පිනියන් වන රොසෑන් ඩයස් සහ වාසනා දන්තනාරායන විසිනි. මෙම අවස්ථාව සදහා රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන මහතා ද එක්වීය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya