මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂූ විශ්ව විද්‍යාල‍යෙහි ශිෂ්‍ය භික්ෂුන් වහන්‍සේලා සදහා භික්ෂූ ‍නේවාසිකාගාරයක්

    පෙබරවාරි 15, 2016
    මහ කප්පින්න වලව්ව ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂූ විශ්ව විද්‍යාල‍යෙහි ශිෂ්‍ය භික්ෂුන් වහන්‍සේලා සදහා ‍තෙමහල් භික්ෂූ ‍නේවාසිකාගාරයක් ‍වෙනු‍වෙන් මුල්ගල් තැබීම පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
    බලපිටිය මහ කප්පින්න වලව්ව ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂූ විශ්ව විද්‍යාල‍යෙහි ශිෂ්‍ය භික්ෂුන් වහන්‍සේලා සදහා භික්ෂූ ‍නේවාසිකාගාරයක අවශ්‍යතාව කලක සිට පැවතිණි. 
     
    මෙම ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂූ විශ්ව විද්‍යාල‍ය මගින් වසර 03ක කාලයක් නේවාසිකව සිට පාඨමාලා හැදෑරීම මගින් භික්ෂූන් වහන්‍සේලා වෙත රාජකීය පණ්ඩිත උපාධිය, ත්‍රිපිටකය හදාරා ත්‍රිපිටකාචාර්ය ‍ගෞරව උපාධිය, ස්වාධීන ප‍ර්යේෂණ නිබන්ධන මගින් ප්‍රවචන විශාරද ‍ගෞරව උපාධිය හා ධර්ම ‍දේශනා අභ්‍යාස පාඨමාලාව මගින් ධර්ම ‍දේශනා 100 ක් ප්‍රා‍යෝගිකව පවත්වා වසරකට එක් ශිෂ්‍ය භික්ෂුන් වහන්‍‍සේ නමකට හිමිවන සද්ධර්ම කතීශ්වර ‍ගෞරව නාමය ලබා ගැනීමට අවස්ථාව හිමිව ති‍බේ. ‍
     
    මෙම උපාධි පාඨමාලාව සෙසු උපාධි පාඨමාලා වලින් ‍වෙනස් වනු‍යේ ‍පෙරකී සියලු අවස්ථාවන් ‍මෙම වසර 03 තුල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමකට හිමිකර ගැනීමට අවස්ථාව ලබාදී තිබීම නිසා‍වෙනි. ‍මෙමගින් අ‍පේක්ෂා කරනුයේ සද්ධාවත් හා දැනුම්වත් භික්ෂූ පරපුරක් බිහිකිරීම බව ‍ම‍‍හෝපාද්‍ය අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ සම ලේඛකාධිකාරී රුහුණු විශ්ව විද්‍යාල‍යේ කථිකාචාර්ය දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමි පැවසූහ.
     
    ‍මෙම මහා පුණ්‍ය කටයුත්ත සදහා ප්‍රධාන අනුශාසකත්වය ලබාදීම සිදුක‍ලේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභා‍වේ සභාපති අතිපූජ්‍ය ‍දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නාහිමියන් වූ අතර ‍මෙදින ‍මෙම බලපිටිය මහ කප්පින්න වලව්ව ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂූ විශ්ව විද්‍යාල‍යෙහි පාලක මණ්ඩලය පත්කිරීම ද සිදු‍වූහ. එහි සභාපතීත්වයට පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරන හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා‍ පත්වු අතර එහි ‍ලේකම් ‍ලෙස හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් අසේල ද ‍සොයිසා මහතා පත්වීය. ‍මෙම පාලක මණ්ඩලය සදහා 22 ක ‍ගෙන් යුතු මණ්ඩලයක් පත්විය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya