මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව විහාරස්ථාන සංවර්ධන වැඩපිළිවෙලක්

    පෙබරවාරි 10, 2016
    වීරකැටිය  නයිගල පුරාණ රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් මෙවර පැවැත්වීමට නියමිත 2016 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථාන රැසක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
    ඒ අනුව අවම පහසුකම් සහිත සංවර්ධනය කළ යුතු හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථාන හඳුනා ගැනීම දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයට පැවරීමට තීරණය කර ඇත. 
     
    2016 රාජ්‍ය වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව බුද්ධශාසන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී මේ බව තීරණය විය.
     
    මෙම ජාතික වෙසක් උත්සවයට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවම පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනය, බුද්ධ මන්දිර නොමැති පාසල් වල බුද්ධ මන්දිර ඉදිකීරිම, විහාරස්ථාන වල පොදු පහසුකම් සංවර්ධනය, දසසිල් මාතා ආරාම වලට පහසුකම් සැලසීම, ආගමික නැඹුරුවක් ඇතිවන ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික්කයේ පාසල් දරු දැරියන් තුළ ආගමික ප්‍රබෝධයක් ඇතිවන ආකාරයේ දැනුමක් ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක්  ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
     
    බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කැලණිය විශ්ව විද්‍යාලීයේ කුලපති ආචාර්ය පුජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්, නයිගල රජමහා විහාරාධිපති පුජ්‍ය මුරුතවෙල සුමන නායක හිමියන් මෙන්ම  වජිර අබේවර්ධන, දිලිප් වෙදආරච්චි, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් ද සහභාගි වුහ.
     
    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වීරකැටිය නයිගල පුරාණ රජමහ විහාරයේදී පවත්වන්නැයි  සජිත් ප්‍රේමදාස සහ දිලිප් වෙදආරච්චි යන මහත්වරුන් විසින් ජනාධිපතිතුමාගෙන්, අග්‍රාමාත්‍යතුමාගෙන් හා බුද්ධ ශාසන අමාත්‍යතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව 2016 රාජ්‍ය වෙසක් උත්සවය නයිගල පුරණ රජමහාවිහාරයේදී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
     
    ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන කාල සීමාව වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 21 සහ 22 යන දෙදින තුළ පැවැත්වේ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya