මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ට රන් කුළුණු පුජා කිරීමේ පුණ්‍යෝත්සවය

    පෙබරවාරි 10, 2016
    අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේට රන් කුළුණු පුජා කිරීමේ මහා පුණ්‍යෝත්සවය මේ මස 13 වනදා පස්වරුවේ පැවැත්විමට කටයුතු යොදා තිබේ. 
    මේ නිමිතිකරගෙන අද උදෑසන 6.00 සිට 13 වනදා උදෑසන දක්වා පිරිත් පිංකමක් සංවිධානය කර ඇතැයි , උත්සව සංවිධායක කමිටුව පවසයි. 
     
    ශ්‍රී මහා බෝධීයේ රන් ආලේපනය ආරම්භ කෙරෙනුයේ, අද පෙරවරුවේ එලඹෙණ සුබ මොහොතෙනි. මෙම ආලේපනය නිම කරනුයේ 13 වනදා වන අතර ඒ අවස්ථාවේ සිට විශේෂිත ආශිර්වාද  පිංකම උඩුවේ ධම්මාලෝක නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදුකෙරේ. 
     
    අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පලේලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන රන් කුළුණු පුජා පුණ්‍යෝත්සවයේ ප්‍රධානත්වය උසුලන්නේ නායිවානයේ ප්‍රධාන සංඝනායක බෝදාගම චන්දිම ස්වාමින් වහන්සේ සහ තායිලන්තයේ උප සංඝරාජ ප්‍රතේජවිත සුත්තපෝන් නාහිමිපාණන් වහන්සේ විසිනි. 
     
    අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ, කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක හා ආරක්ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චි, යන මහත්වරුන්ගේ සංවිධායකත්වයෙන් මෙම පුණ්‍යෝත්සවය සිදුකෙරේ. 
     
    AP/DMU-Anuradhapura
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya