මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික් නිදහස් දින සැමරුම

    පෙබරවාරි 04, 2016
    68 වැනි ජාතික නිදහස් දින උළෙලට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන නිදහස් දින උත්සව මාලාවේ මාතර දිස්ත්‍රික් සැමරුම් උත්සවය අද පෙ.ව. 8.30 ට මාතර මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වේ.
    ජාතික නිදහස් දිනය හා සම්බන්ධ විශේෂ දේශනය රුහුණ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය එල්.පී. ජයතිස්ස මහතා විසින් පවත්වනු ලබයි.
     
    දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් එක්ව පවත්වනු ලබන ආචාර පෙළපාලියකින් සහ විශේෂ සරඔ සංදර්ශනයක් ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ පාසල් 09 ක දරු දැරියන් හා මාතර සංස්කෘතික මධ්‍යස්ථානයේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරනු ලබන සංස්කෘතික වැදගත්කමක් සහිත විශේෂාංග රැසකින්ද මෙම උත්සවය සමන්විත වේ. 
     
    මෙම සැමරුම් උත්සවය සදහා දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රදේශයේ දේශපාලන නායකත්වය හා මහජන නියෝජිතයන් රැසක්  ද මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ පාසල් දරු දැරියන් පිරිසක් ද සහභාගී වීමට නියමිතය.
     
    මෙම නිදහස් දින සැමරුම් උත්සවය මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබයි.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya