මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාව නගාසිටුවීමට ජ්‍යේෂ්ඨයින්ගේ අදහස් ගන්නවා

    පෙබරවාරි 03, 2016

    රටේ සංස්කෘතිය, කලාව සහ කලාකරුවන් නගාසිටුවීම වෙනුවෙන් නව රජය සෑම විටකම පෙනී සිටින බවත්, ඒ සඳහා ජ්‍යේෂ්ඨ කලාකරුවන්ගේ අදහස් සහ යෝජනා නිරන්තරයෙන් ම අපේක්ෂා කරන බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


    අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍ර‍කාශ කළේ කඩවුණු පොරොන්දුව සිංහල චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිස, ශි‍්‍ර ලාංකීය කලා ක්ෂේත‍්‍රයේ අමරණීය නමක් තැබූ රුක්මණී දේවී ශිල්පිණිය අනුස්මරණය කරමින් රුපියල් මිලියන 7.5ක මුදලින් නවීකරණය කරන ලද රුක්මනී දේවී රංග ශිල්ප කේන්ද්‍රය හා ශාලාව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.

     

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සම්මුතිවාදී දේශපාලන ඇරඹුමෙහි වර්ෂ පූර්ණයට සමගාමීව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් නවීකරණය කෙරුණු මෙම රංග ශිල්ප කේන්ද්‍රය හා ශාලාව, දිවංගත ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ සංකල්පයක් අනුව 1991 වසරේ දී ගොඩනගන ලද්දක්.

    රුක්මණී දේවියගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම හා ගුණසමරු දේශනය කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා විසින් සිදුකරන ලද අතර, ටවර්හෝල් රඟහල පදනම විසින් නිෂ්පාදිත සංයුක්ත තැටි කට්ටලයක් එහි අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප‍්‍රනාන්දු මහතා විසින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පිරිනැමීම ද මෙහි දී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya