මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික් නිදහස් දින සැමරුම

    පෙබරවාරි 01, 2016

    68 වැනි ජාතික නිදහස් දින උළෙලට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ මහනුවර දිස්ත්‍රික් නිදහස් දින සැමරුම  04 වැනි දින පෙ.ව. 8.00 ට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර සුරංගනී එල්ලාවල මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    මෙම උත්සවය සදහා දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයන් රැසක්ද සහභාගී වීමට නියමිතය.

    දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව පවත්වනු ලබන ආචාර පෙලපාලියකින් සහ විශේෂ සරඔ සංදර්ශනයක් ඇතුළු විශේෂාංග රැසකින් සමන්විත මෙම උත්සවය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මධ්‍යම පළාත් සභාව එක්ව සංවිධානය කරනු ලබයි.

    බෝගම්බර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම වැඩසටහන ආරම්භ කිරීමට පෙර එදින පෙ.ව. 6.30 ට ශ්‍රි දළදා මාලිගාව, සෙල්වවිනායගර් කෝවිල, ශාන්ත සිල්වෙස්තර දේවස්ථානය සහ මීරා මක්කම් පල්ලියේදී නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ ආගමික වතාවත් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

    AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya