මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුලියාපිටිය අස්සැද්දුම විහාරයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කෙරේ

    ජනවාරි 29, 2016
    21 වන වරටත් පැවැත්වෙන කුලියාපිටිය අස්සැද්දුම විහාරයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර අද (29) රාත්‍රී 7.55ට විදී සංචාරය කිරීමට නියමිත ය.
    ශ්‍රී සර්වඥ ධාතු කරඬුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීම රාත්‍රී 7.10ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක, මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් මහා විහාරාධිපති, ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති පණ්ඩිත මකුළෑවේ විමල මාහිමිපාණන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ හා කථානායක කරු ජයසූරිය සහ අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.
     
    පෙරහැර අවසානයේ අලංකාර මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති අතර මේ සඳහා වනජීවී හා තිරසාර සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා , ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා , සංස්කෘතික හා වයඹ සංවර්ධණ අමාත්‍ය එස්. බී. නාවින්න, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් සහභාගීවීමට නියමිතය.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya