මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද සාරධර්ම ප්‍රවර්ධනයට වැඩපිළිවෙළ රැසක්.

    ජනවාරි 23, 2016
    උතුරු මැද පළාතේ ජනතාව තුල සාරධර්ම ප්‍රවර්ධනය සඳහා පසුගිය වසර තුල ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සාර්ථකව නිම කෙරේ.
     
    පුද්ගල අභිප්‍රේරණය, ආගමික මධ්‍යස්ථාන වලින් සසුනට කරන සේවය වැඩි කිරිම, ආදි ප්‍රවර්ධනයන් අපේක්ෂාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
     
    උතුරු මැද පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ මූලිකත්වයෙන් දියත් කළ සාරධර්ම ප්‍රවර්ධන ක්‍රියාවලිය සඳහා 2013,14, සහ 15 වර්ෂ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 18කි.
     
    අඩු පහසුකම් සහිත ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය, අක්‍රීය ආගමික මධ්‍යස්ථාන සක්‍රිය කිරිම, අධ්‍යාපන උපකාර, ආගමික පූජකවරුනට උපකාර කිරිම, දහම් පාසල් ආචාර්යවරුන් ඇගයීම  කාර්ය ගණනාවක් මේ යටතේ ක්‍රියාත්මක කර ඇත.
     
    ඒ පිළිබඳ ප්‍රගතිය දැනුම් දීම සඳහා විශේෂ රැස්විමක් උතුරු මැද පලාත් ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවත්වුණු අතර.එහිදී ද විශේෂ දක්ෂතා දක්වන ලද සිසු සිසුවියන් සඳහා මුදල් ආධාර පිරිනැමිණි.
     
    අනුරාධපුර  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම උත්සවයට උතුරු මැද පලාත් ප්‍රධාන ලේකම්  කේ. ඒ. තිලකරත්න, අනුරාධපුර ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න  යන මහත්වරුන්ද මීට සහභාගි විය.  
     
    AP/DMU-Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya