මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 රාජ්‍ය වෙසක් උත්සවය ප්‍රථම වරට හම්බන්තොටදී

    ජනවාරි 23, 2016
    2016 රාජ්‍ය වෙසක් උත්සවය හම්බන්තොට ඓතිහාසික නයිගල පුරාණ රාජමහා විහාරස්ථානය කේන්ද්‍රකොට පැවැත්වීමට තීරණය කර තිබේ.
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  දිලිප් වෙදආදාරච්චි මහතා විසින්  ජනාධිපතිතුමාගෙන්, අග්‍රාමාත්‍යතුමාගෙන් මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යතුමාගෙන් කරන ලද විශේෂ ඉල්ලීම පරිදි මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හම්බන්තොටදී පැවැත්වීමට රජය තීරණය කර ඇත.
     
    එහි මුලික සාකච්ඡාව ඓතිහාසික නයිගල පුරාණ රාජමහා විහාරයේදී පැවැත්වුනේ දිලිප් වෙදආරච්චි අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙනි. 
     
    මෙම සාකච්ඡාවට නයිගල රාජමහා විහාරාධිපති හිමි සහ එක්සත් භික්ෂු පෙරමුණේ කෘත්‍යධිකාරී මණ්ඩල සභික අතිපූජ්‍ය මුරුතුවල කාශ්‍යප හිමියන් ප්‍රධාන හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායක හිමිවරුන් වැඩම කර සිටියහ.
     
    නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් හා බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
     
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ  රාජ්‍ය වෙසක් උත්සවයක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි.
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya