මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හැට නව වසරක සිනමා ඉතිහාසය සැමරේ

    ජනවාරි 21, 2016

    ශ්‍රී ලාංකීය සිනමාවේ 69 වන සැමරුම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කොට වසර 44 ක් සපිරීම ජනවාරි 21 අදට යෙදී තිබේ.ඒ නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කොට තිබේ.

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස්ගේ පළමු සිනමා නිර්මාණය වන රේඛාව චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය ආරම්භ කර 2016 වසරට වසර 60ක් සපිරීම විශේෂී සිදුවීමකි.

     

    මෙම සිසුශේෂී සිද්ධීන් තේමා කරගනිමින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව වැඩසටහන් පෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කර තිබේ.

     

    ඒ අනුව ජනවාරි 21 පෙරවරු 09.00ට ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ දී පුෂ්පජිත් නිරෝෂන් ජයසිංහ මහතා විසින් සම්පාදනය කරන ලද ජලයෙන් යට වූ ලින්චිගේ ලෝකය ග්‍රන්ථය එළි දැක්වීම, ජාතික චිත්‍රපට සංස්ථාවේ නිර්මාතෘ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියට උපහාර ප්‍රදානය කිරීම සහ පස්වරු 9.00ට සිනමා ක්ෂේත්‍රයේ සියලු දෙනාට සුබපතා සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ හා චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතීඥ දීපාල් චන්ද්‍රරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

     


    තරුණ පරපුර සිනමාව කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති කිරීම හා සිනමා විඥානය වර්ධනය කිරීම අරමුණු කරමින් කොළඹ ප්‍රධාන පාසැල් කිහිපයක සිසු දරුවන් හා විශ්වවිද්‍යාල සිසුන් සහභාගී වන මෙම සිනමා රසවින්දන වැඩමුළුව සඳහා ප්‍රවීණ විශ්වවිද්‍යාල ආචාර්ය මඩුල්ලක් හා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් සම්පත් දායකත්වය ලබාදීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya