මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කේ.බී. මානෑව ආරුමුගන් මලරන්බන් උත්තම ප්‍රණාම උළෙල මෙම 25 දා

    ජනවාරි 20, 2016
    කේ.බී. මානෑව - ආරුමුගම් මලරන්බන් උත්තම ප්‍රණාම උළෙල 2016.01.25 දින ප.ව. 2.00 ට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
    2016 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබා මාතලේ දිස්ත්‍රික්කයට අභිමානයක් සහ ගෞරවයක් ගෙන දුන් ප්‍රවීණ ජනශ්‍රැතිවේදී කේ.බී. මානෑව සහ ප්‍රවීණ ලේඛක ආරුමුගම් මලරන්බන් සාහිත්‍ය වේදීන්ට උපහාර ප්‍රණාම පුද කිරිමේ අරමුණින් මෙම උපහාර උළෙල සංවිධානය කර ඇත.
     
    මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතාගේ උපදෙස් සහ අනුග්‍රහය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් සාහිත්‍ය කලා සංසදය මෙම උළෙල සංවිධානය කරන බව සංසදයේ සභාපති ගාමිණි නිශාන්ත කරුණාරත්න මහතා පැවසීය.
     
    ප්‍රවීණ ජනශ්‍රැතිවේදියෙකු වන කේ.බී. මානෑව මහතා විසින් මේ වන විට තෙවරක් ම රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගෙන ඇති අතර මෙවර ඔහුට රාජ්‍ය සම්මානය හිමි වූයේ මහතලා ජනවහර කෘතිය සදහාය.
     
    ප්‍රවීණ ලේඛකයෙකු වන ආරුමුගන් මලරන්බන් මහතා ද මේ වන විට තෙවරක් රාජ්‍ය සම්මාන හිමි කරගෙන ඇති අතර මෙවර ඔහුට රාජ්‍ය සම්මානය හිමි වූයේ ඔහු විසින් අවන් ඕර් අබුර්ව සිරුවන් නමින් දෙමළ භාෂාවට පරිවර්තනය කළ පියදාස වැලිකන්නගේ සූරීන්ගේ රාජ්‍ය සම්මාන ලත් යොවුන් නව කථාවක් වූ එයා හරි අපූරු ළම‍යෙක් කෘතිය සදහා ය.
     
    මෙම උත්සවයේදී කේ.බී. මානෑව උපහාර දේශණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේන මහතා විසින් පවත්වන  අතර ආරුමුගම් මලරන්බන් උපහාර දේශණය ප්‍රවීණ ලේඛක සහ කවිවර මඩවල කලීල් විසින් පවත්වනු ලබයි.
     
    උපහාර ගීත නිර්මාණයෙන් විශාරද පියසේන හපුතැන්න මහතා ප්‍රමුඛ නිශාදනී කලායතනය දායකත්වය සපයන අතර සංස්කෘතික නර්ථන කණ්ඩායම් සැපයීමෙන් මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජනාධිපති සම්මානලාභී නර්ථන ශිල්පී නිශාන්ත රම්පිටිය මහතා දායකත්වය සපයයි.
     
    උපහාර තිළිණ ප්‍රදානයට සමගාමීව මාතලේ දෙමළ සාහිත්‍ය සංගමයේ සභාපති කලෙයිමනී ටී විජය කුමාර් මහතා විසින් දෙමළ චාරිත්‍රානුකූලව මෙම ලේඛයින් වෙත රන් සළු පැළදවිමක් ද සිදු කරනු ලබයි.
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya