මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණිය දොරකඩ අස්න පෙරහැර වෙනුවෙන් නව රථවාහන සැලැස්මක්

    ජනවාරි 19, 2016

    කැලණිය රජ මහා විහාරය මඟින්න් සංවිධානය කරනු ලබන දොරකඩ අස්න පෙරහර අද (19) පස්වරු 3.30 සිට පස්වරු 8.00 දක්වා විථි සංචාරය කිරීමට නියමිත ය.

    මෙම පෙරහර කැලණිය රජමහා විහාරස්ථානයේ උඩ මන්දාවෙන් ආරම්භ වී බියගම පාර, පිලපිටිය හන්දිය, ගෝණගම්පල පාර, වරාගොඩ පාර, නූම්ගම්ගොඩ හන්දිය, ගල්බොරැල්ල, විහාර මාවත ඔස්සේ නැවත කැලණි රජ මහා විහාරස්ථානය වෙත පිවිසෙයි.

    පෙරහර හේතුවෙන් තොරණ හන්දියෙන් වරාගොඩ මාර්ගය ඔස්සේ කැලණිය දෙසට වාහන ඇතුළු කිරීමට නොහැකි අතර එම මාර්ගයන් හි ගමන් ගන්නා මහජනතාවට සහ රියදුරන්ට පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය නිවේදනය කරයි.

     

     කොළඹ දෙස සිට කැළණිය හරහා බියගම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වාහන පෑලියගොඩ පට්ටිය හන්දියෙන් කිරිබත්ගොඩ දෙසට ගමන්කර සපුගස්කන්ද හරහා බියගම දෙසට ගමන් කිරීම.

     

     බියගම දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන නාගහමුල හන්දියෙන් දකුණට හරවා සපුගස්කන්ද මාකොළ කිරිබත්ගොඩ හරහා කොළඹ දෙසට ගමන් කිරීම.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya