මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සී. ටී. ප්‍රනාන්දු සංගීත ශිල්පියාට උපහාරක් ලෙස "සීගිරි සුකුමාළියේ" ගීත ප්‍රසංගය

    ජනවාරි 18, 2016
    සී. ටී. ප්‍රනාන්දු සංගීත ශිල්පියාට උපහාරක් ලෙස සීගිරි සුකුමාළියේ - ගීත ප්‍රසංගය නොමිලේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුලු මැති අමාත්‍යවරුන් ප්‍රමුඛ කලා කරුවන් හා මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
    අප අතරින් වෙන්වී ගොස් සිටින කලා ශිල්පීන්ගේ කලා නිර්මාණ නොමිළයේ  අසන්නට දකින්නට සැලැස්වීමේ අරමුණින් වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර එහි පළමු පියවර ලෙස මෙම ගීත ප්‍රසංගය පැවැත්විණි.
     
    අපේ රටේ විසිරී සිටින කලා කරුවන් බොහොමයක් වෙනවා. ඔවුන් අතරින් කලා ලොවට අමිල සේවාවන් සිදුකල කල ශිල්පීන්ගේ නිර්මාණ අප අතර තිබෙන නමුත් ඒ සුවිශේෂී චරිත අපගෙන් වෙන්වෙලා කාලය ගතවී තිබෙන බව ඇතමුන්හට අමතකව තිබෙනවා. එහෙත් ඒ සුවිශේෂී කලා චරිත හොදින්ම හදුනා ගෙන කලාවට ගෞරව කරමින් ඒ ශිල්පීන්ව අනුස්මරණය කොට ඔවුන්ගේ කලා නිර්මාණ නැවත අසන්නට දකින්නට සැලැස්වීමේ අරමුණින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ සංකල්පයකට අනුව  මෙම වැඩ සටහන ක්‍රියාත්මක කර ඇත.
     
    මෙය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යශය හා සැලසිනේ ආයතන එක්ව සංවිධානය කර ඇත.
     
    මෙම ප්‍රසංගය නැරඹීම සදහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරනවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, රංජිත් සෝමවංශ, අතුරලියේ රතන හිමි හා වාසුදේව නානායක්කාර යන අය මහත්වරුන්ද එක්වූහ.
     
    ලතා  වල්පොළ, අයිවෝ ඩෙනිස්, කීර්ති පැස්කුවෙල්, ජතත් වික්‍රමසිංහ, රොඩ්නි වර්ණකුළ ඇතුලු කලා ශිල්පීන් රැසක් මෙම ප්‍රසංගයට හඩ දායකත්වය හා නර්තන දායකත්වය ලබා දුන් අතර මෙම ප්‍රසංගය මෙහෙයවීම සිදුකලේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රධානී ප්‍රවීන මාධ්‍ය වේදී සමන් අතාවුදහෙට්ටි මහතා විසින්ය. 
     
    මෙවැනි ප්‍රසංගය රට පුරා පවත්වමින් කලා කරුවන් අගයමින් ඔවුන්ගේ නිර්මාණ තවදුරටත් මෙරට රසිකයින් තුළ රදවාලීම අපේක්ෂාව බවත් එමගින් සංගීතය ඇතුලු කලා ලෝකයට අමිළ සේවාවක් සිදුකොට අපගෙන් සමුගත්  කලාකරුවන් නැවත අප අතරම ජීවමාන වනු ඇති බවත් එය 
     
    ඔවුන් වෙනුවෙන් අපට කලහැකි උපහාරයක් බවත් ප්‍රසංග සභාව අමතමින් ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසිය. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya