මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංස්කෘතික බලමණ්ඩල අරමුදල් රැස්කිරීමේ ජාතික කොඩි සතියක්

    ජනවාරි 18, 2016
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංස්කෘතික බලමණ්ඩල අරමුදල් රැස්කිරීමේ ජාතික කොඩි සතියක් 2016 ජනවාරි 18 සිට 24 දින දක්වා ප්‍රකාශයට පත් කොට ඇත.
    එහි  ආරම්භක උත්සවය  අද දින පෙ.ව. 10 වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් දීප ව්‍යාප්තව සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිද ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩල පිහිටුවා ඇති අතර එමගින් ප්‍රදේශයේ සියලු කලා හා සංස්කෘතික කටයුතු සම්බන්ධීකරණය හා ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරයි. ඒ සඳහා අවශ්‍ය අරමුදල් රැසකරගැනීම උදෙසා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ජාතික කොඩි සතිය ප්‍රකාශයට පත් කොට ඇත. එමගින් උපයා ගන්නා සියලු මුදල් සංස්කෘතික බලමණ්ඩල ශක්තිමත් කර සංස්කෘතික මිනිසෙක් බිහිකිරීම සඳහා ප්‍රදේශයේ කලා හා සංස්කෘතික වැඩ සටහන් සඳහා යොදවා ගැනීමට නියමිතයි.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya