මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ආනන්ද විද්‍යාලයේ "ආනන්දා ගී රංගා"

    ජනවාරි 17, 2016
    කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ ගායන වාදන හා නර්තන හැකියාවන් වේදිකාගත කිරීමේ අරමුණින් පැවැත්වෙන 'ආනන්දා ගී රංගා' ප්‍රසංගය අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
    මෙහිදී එම පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුන් 1600 දෙනාම කිසිඳු වෙන් කිරීමකින් හෝ තෝරා ගැනීමකින් තොරව වේදිකාවට කැඳවනු ලැබීම විශේෂත්වයකි.
     
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මැතිතුමා කියා සිටියේ ආනන්දා ගී රංගා ප්‍රසංගයේ සංකල්පය ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කළ යුතු තරම් වැදගත් එකක් බවයි.
     
    ජයග්‍රහණ හා තෝරා ගැනීම් පසුපස දරුවන් හැල්මේ දිවවීමට පුරුදු කිරීම වෙනුවට සියලූ දෙනාට ඉදිරිපත්වීමේ හා සාමූහික කාර්යයන් වෙනුවෙන් සහභාගී වීමේ ගුණාංගය පුරුදු කිරීම පාසලේ වගකීමකි.  
     
    මේ අතර අසූව දශකව වන විට මෙරට දැඩි අර්බුදයක්ව පැවති ප්‍රාථමික අධ්‍යාපනය හා අනිවාර්ය පාසල් පැමිණීම දිරිගැන්වීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු විශාල කැපකිරීමක් කළ බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
     
    නොමිලයේ පාසල් පෙළ පොත් හා පාසල් නිළ ඇඳුම් ලබා දෙමින් ඇති නැති බේදයකින් තොරව දරුවන් පාසල් කරා කැඳවා ගැනීමට ආණ්ඩුව දිරිමත් කළ බව සිහිපත් කළේය. 
     
    ඉන් නොනැවතී වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර ඇති බවත් වත්මන් ආණ්ඩුව යටතේ නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපනයේ නිදහස විශාල සංවර්ධනයක් සිදු වීම කිසිවෙකු නවතාලිය නොහැකි බව ද එතුමා සිහිපත් කළේය. 
     
    මෙහිදී ආනන්ද විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගම මහතා විසින් ආදී ආනන්දීය අමාත්‍ය දයා ගමගේ මැතිතුමා වෙනුවෙන් සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
     
    ආනන්දා ගී රංගා වැඩසටහනේ සම්භාවනීය ආරාධිතයා ලෙස සහභාගී වූයේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාය.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya