නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුන් මන් හන්දියේ මහා ප්‍රාඥයා සමුගෙන වසර 40යි

    ජනවාරි 14, 2016

    තුන් කාලත්‍රයටම ගැළපෙන පරිදි ස්වකීය නිර්මාණ බිහි කොට නූතන කවියාට මං කියාදුන් ඒ මහා ප්‍රාඥයා, මහගම සේකරයන් දැයෙන් සමුගෙන 2016 ජනවාරි 14 වන අද දිනට 40 වසරක් සපිරෙයි.

     

    ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය මණ්‌ඩපයෙන් ආචාර්ය උපාධිය 1974 දී හිමිකරගත් මෙම පඬිවරයාණන් සිංහල සාහිත්‍යයට කළ අතිමහත් සේවය කිසිවකු හා සම කළ නොහැක.

     

    ගීත, චිත්‍ර, මූර්ති, ලේඛන සහ සිනමා කලාවට නිහඬව සුවිශාල සේවයක් කළ මහා සාහිත්‍ය ශූරී මහගම සේකරයන් ගේ නිර්මාණ ශෛලිය තුළන් නූතන කවීන් මහඟු අභාෂයක් ලබාගෙන ඇති බව පෙනී යයි.

     

    ඔහුගේ වක්‌කඩ ලඟ දිය වැටෙන තාලයට, මූදු පතුල යට ඉඳලා වැනි ගීත තවමත් අප දෙසවනේ රැව් පිළිරැව් දෙන්නේ මෙම මහා ප්‍රාඥයාගේ සාහිත්‍ය නිර්මාණවල අග්‍රගන්‍යභාවය හඳුනාගෙනම නොවේ.

     

    'මනෝ මන්දිර', 'බෝඩිම',ට 'හෙට ඉරක්‌ පායයි', 'මක්‌ නිසා ද යත්', 'සරුපොළවක්‌ අපට ඇතේ', යනුවෙන් 'පුංචි අපට කතාන්දර', කියා දුන් 'තුන් මන් හන්දියේ', නුඹ අප හදවත් තුළ සදා නොමියෙන 'සද්දන්ත', 'සක්‌වාළිහිණි' යෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya