නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡායාරූප ශිල්පිනී යමුනී රශ්මිකා අන්තර් ජාතික සම්මානයක් ශ්‍රී ලංකාවට ගෙන එයි

    ජනවාරි 06, 2016

    චීනයේ The 2nd Shenzhen China International Exhibition of Photography 2015 ජාත්‍යන්තර ඡායාරූප තරඟයෙන් ලෝකඩ සම්මානය දිනාගැනීමට ඡායාරූප ශිල්පිනී යමුනී රශ්මිකා මහත්මිය සමත්වී තිබේ.

     

    yamuni pixප්‍රංශයේ ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයේ අනුමැතිය සහිතව මෙම අන්තර්ජාතික ඡායාරූප තරඟය සහ ප්‍රදර්ශනය පසුගිය දින චීනයේ National Art Museum of the Luohu in Shenzhen දී පැවැත්විණි.

     

    මෙම අන්තර්ජාතික ඡායාරූප ප්‍රදර්ශනයට ඡායාරූප 10056 ඉදිරිපත් කර තිබුණු අතර ඡායාරූප ඉදිරිපත්කර තිබුණු රටවල් ගණන 58ක් වූ අතර ඡායාරූප ශිල්පීන් ගණන 2601කි.ඒ අනුව ඡායාරූප ශිල්පීන් 2601 අතරින් ශ්‍රී ලංකාව වෙනුවෙන් යමුනී රශ්මිකා පෙරේරා මහත්මියට මෙම සම්මානය හිමිව තිබේ.මෙම සම්මානයට අමතරව ඇය විසින් ඉදිරිපත් කළ ඡායාරූප හතරක් මෙම අන්තර් ජාතික ඡායාරූප ප්‍රදර්ශනයට තෙරී පත් වී තිබේ.

     

    ජාතික පුවත්පත් කීපයකම ඡායාරූප මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කර තිබෙන යමුනී රශ්මිකා පෙරේරා මහත්මිය, මීට පෙර ද ඡායාරූප ක්ෂේත්‍රයෙන් අන්තර්ජාතික සම්මාන සහ ඇගයීම් රැසක් ලබාගැනීමට සමත් වූවාය.

     

    වසර 2008 දී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ඡායාරූප කලාවේදිනියට හිමි සම්මානය ද හිමි කරගත් යමුනී රශ්මිකා පෙරේරා මහත්මිය
    ප්‍රංශයේ ඡායාරූප සම්මේලනයෙන් පිදුම් ලබන ඡායාරූප ශිල්පියෙකු වෙත පිරිනැමෙන ජාත්‍යන්තරයේ ඉහළ ඇගයීමක් වන ඡායාරූප කලාවේදී සම්මානය වන AFIAP (2011) සම්මානයෙන් දිනාගැනීමට ද සමත් විය.මෙම AFIAP සම්මානය හිමිකර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ඡායාරූප ශිල්පිණිය වන්නේ ද යමුනී රශ්මිකා පෙරේරා මහත්මියයි.

     

    ඇය මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප ශිල්පිණියක් ලෙස කටයුතු කරමින් සිටියි.

     

    yamuni pix2

     

     

     

    yamuni pix3

     

     

    yamuni 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya