නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 කලාභූෂණ රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සාර්ථකව නිමාව දකී

    දෙසැම්බර් 17, 2015

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් 31 වන වරට සංවිධානය  කරනු ලබන  2015 කලාභූෂණ රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2015 පසුගියදා (15) මහරගම, තරණසේවා සභාවේ “ශ්‍රී ලංකා යූත් “ රඟහලේ දී අභ්‍යන්තර කටයුතු , වයඹ සංවර්ධන හා  සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ශ්‍රී ලාංකේය සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයන්ට නව නිර්මාණ බිහිකරමින් සුවිශේෂ මෙහෙවරක් ඉටුකර වයස අවු.60 ඉක්ම වූ , දැනට ජීවිතයේ සැඳෑ සමය පසුකරමින් සිටින සිංහල, දමිළ හා මුස්ලිම් කලා ශිල්පීන්ට උපහාර දක්වනු පිණිස මෙවර සිංහල, දෙමළ හා මුස්ලිම් කලාකරුවන් 301 දෙනෙක් සඳහා කලාභූෂණ සම්මාන පිරිනැමීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

     

    ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි සිංහල කලාශීල්පීන් 206 දෙනෙක් ද, දමිළ කලාශිල්පීන් 70 දෙනෙක් හා මුස්ලිම් කලාශිල්පීන් 25 දෙනෙක් කලාභූෂණ සම්මාන සඳහා තෝරාගෙන ඇති අතර සිංහල කලාකරුවන් අතරින් නර්තන අංශයෙන් කලාශිල්පීන් 59 ක් ද, නාට්‍ය හා රංගන අංශයෙන් කලාශිල්පීන් 27 දෙනෙක් ද, සාහිත්‍ය අංශයෙන් කලාශිල්පීන් 58 දෙනෙක් ද, චිත්‍ර හා මූර්ති අංශයෙන් කලාශිල්පීන්  14 දෙනෙක් ද, සංගීත ශිල්පීන් 10 දෙනෙක් හා අනිකුත් කලා ක්ෂේත්‍රවලින් කලාශිල්පීන්  38 දෙදෙනෙක් ද තෝරාගෙන මෙහිදී ඇගයීමට ලක් කළහ.

     

    මෙවර වයස අවු. 80 ඉක්ම වූ කලාකරුවන් 17 දෙනෙකු කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ අතර වැඩිම ප්‍රමාණය වන කොළඹ දිස්ත්‍රික්කයෙන් සිංහල කලාකරුවන් 40 දෙනෙක්ද, යාපනය දිස්ත්‍රික්කයෙන් දමිළ කලාකරුවන් 28 දෙදෙනෙක් ද, තෝරාගෙන තිබූ අතර අනිකුත් සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි කලාකරුවන් තෝරාගෙන තිබුණි.

     

    කලාභූෂණ සම්මානලාභීන්ට සම්මානයක්, සහතික පතක් හා මුදල් ත්‍යාගයක් පිරිනැමීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ අතර කලාභූෂණ සම්මානලාභීන් තෝරාගැනීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු කටයුතු දෙපාර්තමේන්තුව හා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ස්වාධීන විනිශ්චය මණ්ඩලයකින් සිදුකර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya