නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙන්තොට පිළිබඳව ලෝකයට කියන්න තිබෙන හොඳම, එකම අවස්ථාව බෙන්තොට දළදා පෙරහැරයි

    දෙසැම්බර් 17, 2015

    බෙන්තොට පිළිබදව ලෝකයට කියන්න තිබෙන හොදම හා එකම අවස්ථාව තමයි බෙන්තොට ‍ඓතිහාසික අනුබුදු කාශ්‍යප දළදා පෙරහැර බව පවසන පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා අපේ සංස්කෘතික අංග, දේශියත්වය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ගන්න තිබෙන හොද අවස්ථාවක් මෙම පෙරහැර නැරඹීම කියන කාරණය ඔවුන්ව දැනුවත් කල යුතු බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

     

    බෙන්තොට සංචාරක නිකේතන කළමණාකරුවන් හා බෙන්තොට ‍ඓතිහාසික අනුබුදු කාශ්‍යප දළදා පෙරහැර කමිටුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම පෙරහැර නැරඹීම සඳහා මීට පෙරත් සංචාරකයින් පැමිණිය නමුත් 500ක් පමණ සංචාරකයින් ටිකට්පත් මිලදීගෙන ඔවුන්ව විශේෂ පීථිකාවක අසුන්ගන්වා පෙරහැර නැරඹීමට සලස්වන්න මෙවර පෙරහැර කමිටුව අපේක්ෂා කරන බවත් ඒ උදවිය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් විදේශීය සංචාරකයින්ව විදේශීය භාෂා කිහිපයකින් දැනුවත් කිරීම සිදුකිරීමටත් සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කිරීමට පෙරහැරට උඩරට හා පහතරට නැටුම් රාශියක්  අන්තරගත කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.

     

    මහනුවර ශ්‍රී දළදා ‍පෙරහැරෙහි නැටුම් කණ්ඩායම් කිහිපයක් බෙන්තර කාශ්‍යප දළදා පෙරහැරටත් ගෙන්වන බවත් අලි ඇතුන් 30ක් පමණ මෙවර පෙරහැර අලංකාරවත් කිරීමට එක්වෙනවා යැයි ඇමති ගයන්ත කරුණාතිලක මහතා මෙහිදී පැවසීය.

     

    වාර්ෂිකව පවත්වනු ලබන බෙන්තොට ‍ඓතිහාසික අනුබුදු කාශ්‍යප දළදා පෙරහැර මෙවර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට අග්‍රාමාත්‍යතුමා ඇතුලු රජය සියලු විධිවිධාන යොදල ති‍බෙන බව පැවසූ අමත්‍යවරයා පසුගියදා අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව රැස්වීමක් පැවැතිවූ බවත් එහිදී රජය විසින් මෙම දළදා පෙරහැර වෙනුවෙන් කලයුතු කාර්යය හා එය සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කළ බවත් අවධාරණය කළේය.

     

    සංචාරක නිකේතන ආයතන වලින් බලාපොරොත්තු වන දෙය තමයි මෙම ටිකට්පත් ඔබලාගේ සංචාරක නිකේතන වලට පැමිණි සිටින විදේශීය සංචාරකයින්ව පෙරහැර පිළිබඳව දැනුවත් කර මෙම ටිකටිපත් ඔවුන් අතට පත්කිරීම බවත් පෙරහැර නියමිත වේලාවට ආරම්භ කර මුදල් ගෙවා ටිකටිපතක් මිලදීගෙන නරඹන්න පැමිණෙන සංචාරකයින්ව සහ එය නරඹන ජනතාව රස්තියාදු නොකර නරඹීමට අවස්ථාව සැලසීම පෙරහැර කමිටුවෙ වගකීම බවත් ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

     

    ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතාගේ සුරතින් මෙම පෙරහැර ආරම්භ කිරීමට මංගල හස්තිරාජයාගෙ මත ගෞරවාදරයට පත් දළදා කරඩුව තැම්පත් කිරීම සිදුවන්නට නියමිතය.
     


    මෙම අවස්ථාවේදී සංචාරක නිකේතන ආයතන කළමණාකරුවන් වෙත විදේශීය සංචාරක ප්‍රජාව වෙනුවෙන් අලෙවිකිරීමට සකස්කළ ටිකට්පත් භාරකිරීම ඇමතිවරයා අතින් සිදුවිය. එම අවස්ථාව සඳහා දකුණු පළාත් මන්ත්‍රී ජයසිරි නානායක්කාර, සංචාරක මණ්ඩලයේ සභාපති පැඩී විතාරන ඇතුලු එහි නිළධාරීන්, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතා ඇතුළු පිරිසක් එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya