එළඹෙන නත්තල් උත්සව සමය වෙනුවෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සුබ සාධක සංගමය මඟින් සංවිධානය කරනු ලබන 'උඳුවප් මිහිර' නත්තල් සැමරුම් උත්සවය හෙට (17) සවස 2.00 සිට අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම උත්සවය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මේ අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව මහතා හා අමාත්‍යංශය යටතේ පවතින සියලුම ආයතනවල නිලධාරීන් ද සහභාගීවීමට නියමිතය.