මෙම උපහාර උළෙලේ දී බස්නාහිර පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි විද්වත් කමිටුවක් මගින් නිශ්චිත ලකුණු ලබාදීමේ ක්‍රමවේදයකට අනුව තෝරාගත් පාරම්පරික වෛද්‍යවරුන් 40ක් සඳහා "රාවණා සම්මානය" පිරිනැමිණි.
ඔවුන් අතරින් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙන් වැඩිම ලකුණු ලබාගත් වෛද්‍යවරුන් තිදෙනා විශේෂ ඇගයිමකට ද ලක් කෙරුණි.
මීට අමතරව වෛද්‍ය ශිෂ්‍ය පරපුරක් බිහිකිරීමට දායක වූ වෛද්‍ය ආචාර්යවරුන් තිදෙනෙකුට ද විශේෂ ගුරු උපහාර පිරිනැමීම මෙහිදී සිදුවිය.