නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිල්ලි චිත්‍රපට උළෙලේ ‘භවතරණය‘ හොඳම චිත්‍රපටය වෙයි

    දෙසැම්බර් 15, 2015

    දිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ දේවින්ද කෝන්ගහගේ මහතා අධ්‍යක්ෂණය කළ ‘භවතරණය‘ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස පිදුම් ලබා ඇත.

    මහාචාර්ය ලෝනා දේවරාජාගේ ‘ උඩරට රාජධානිය‘ නම් පර්යේෂණ ග්‍රන්ථය පාදක කර ගනිමින් නිර්මාණය කළ මෙම චිත්‍රපටයට ඇමෙරිකාව, ජර්මනිය, ඉන්දියාව, කොරියාව සහ ඊජිප්තුව ඇතුළු රටවල් විසින් ඉදිරිපත් කළ චිත්‍රපට 219ක් අභිබවා මෙම චිත්‍රපටය ජයග්‍රහණය කිරීම මෙරට චිත්‍රපට කලාවේ සුවිශේෂි ජයග්‍රහණයකි.

     

    එම සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ දේවින්ද කෝන්ගහගේ මහතා අද දිවයිනට පැමිණීමට නියමිතය.

     

    මාලනී ෆොන්සේකා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් රවීන්ද්‍ර, රොෂාන් පිලපිටිය, උදයන්ති කුලතුංග, චන්දික් නානායක්කාර, සිරිමල් විජේසිංහ, දීපානී සිල්වා, මහේන්ද්‍ර පෙරේරා, නිලන්ති විජේසිංහ, කාන්චනා මෙන්ඩිස්, රිචඩ් මානමුදලි යන පිරිස මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වූවෝ වෙති.

     

    මෙහි සංගීත නිර්මාණය නවරත්න ගමගේගෙනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya