නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වලව නදී පාසලට පෙරදිග තූර්ය වාදක කණ්ඩායමක්

    දෙසැම්බර් 12, 2015
    රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ජූලංගැටේ වලව නදී පාසලට අඩුපාඩුවක් ව පැවති පෙරදිග තූර්ය වාදක කණ්ඩායමක් ලබා දීම හා පුස්තකාලයට අවශ්‍ය පොත් පත් ලබා දීමේ වැඩසටහනක් පසුගිය දා ජූලංගැටේ වලව නදී විදුහලේ දී කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
    දුෂ්කර පාසලක් වන මෙම විදුහල අනාදිමත් කාලයක සිට රටට බුද්ධිමතුන් බිහි කළ පාසලක් ලෙස ප්‍රකටය.දැනට විදුහලේ දරු දැරියන් 1500 ක් පමණ ඉගනුම ලබන අතර මෙම පාසල විවිධ අඩුපාඩු රැසකින් යුක්ත ය. මේ සම්බන්ධව සිය අවධානය යොමු කළ මෙම පාසලේ ආදි සිසුවකු වන කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා මේ සදහා ආධාර උපකාර උපකාර ලබා දීමට පියවර ගෙන තිබිණි. 
     
    පාසලට අත්‍යවශ්‍යව පැවති තූර්ය වාදක කණ්ඩායමකට අවශ්‍ය සියලුම භාණ්ඩ, ඡායා පිටපත් යන්ත්‍රයක් ,පරිගණකයක්,මෙහිදී ලබා දුන් අතර පරිත්‍යාගශීලින් විසින් ලබා දුන්  රුපියල් ලක්ෂ දෙකක මුදල මේ සදහා යොදා ගෙන තිබුණි. පුස්තකාලයට අවශ්‍ය පොත් පත්  ලබා දීම ද එදින සිදු විය.ඉදිරියේ දී අංගසම්පූර්ණ පුස්තකාලයක් මෙම විදුහලට ලබා දීමට ද කටයුතු යොදා ඇති අතර මේ සදහා කැලිෆෝනියාවේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති අමරබුද්ධි හිමියන් විසින් ප්‍රතිපාදන ලබා දී ඇත.කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ සුනිලා රත්නපාල මහත්මිය සහ සංස්කෘතික නිලධාරී සුභාෂි නාත්තන්ඩියගේ මහත්මිය පුස්තකාලය සදහා පොත් පත් පරිත්‍යාග කර ඇත.
     
    AP/DMU-Colombo
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya