අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ඇමති රංගන ශිල්පි බර්ටි ගුණතිලකගේ සැපදුක් විමසයි.

    දෙසැම්බර් 09, 2015

    දැනට අසනීප තත්ත්වයෙන් පසුවන 92 හැවිරිදි ප‍්‍රවීණ රංගන ශිල්පි බර්ටි ගුණතිලක මහතා ගේ සැපදුක් විමසීමට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරු පරණවිතාන මහත්වරු සඳුදා (07) දෙමටගොඩ මහල් නිවාස ක‍්‍රමයේ ඒ මහතාගේ නිවෙස වෙත ගියහ.

    50 වසරකට අධික කාලයක් ශී‍්‍ර ලාංකේය කලා ක්ෂේත‍්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ ඔහු බර්ටි සංඝතිස්ස ගුණතිලකය.

     

    කපටි දේශපානඥයෙකු, මෝඩ ගැමියෙකු, පාසැල්වියේ දඟකාරයෙකු, කුඩා දරුවෙකු ලෙස චරිත පණපොවමින් කරළියට පිවිසි බර්ටි 1924 අගෝස්තු 02 වැනිදා මහනුවර අම්පිටියේදී උපත ලැබීය. 40 දශකයේ අගභාගයේදී සිරි අයියාගේ ළමා වැඩසටහන තුළින් ඔහු ප‍්‍රථමවරට ගුවන් විදුලියට සම්බන්ධ විය. 1952 වසරේදී තේවිස් ගුරුගේ මහතා විසින් මෙහෙයවන ලද බුෂ්ලස් කෝපි, වැඩසටහන මඟින් ලංකාවේ පළමුවරට පැවැත්වූ ආධුනික විකට ශිල්පියා තේරීමේ තරගයෙන් බර්ටි අභිෂේක ලද්දේය.

     

    ඕනෑම විකට චරිතයක් තමාටම ආවේණික වූ ශෛලයකින් රඟපෑමේ සහජ නිපුණතාවයක් බර්ටි සතුවිය. පසුකාලීනව ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ති‍්‍රමූර්තියේ බර්ටි ගුණතිලක ශක්තිමත් පුරුකක් විය. විහිළු තහළු, විනෝද සමයේ රස මැවූ බර්ටි ගුණතිලක පසුකාලීනව වේදිකා, ගුවන් විදුලි, රූපවාහිනි වැඩසටහන්සේම චිත‍්‍රපට විශාල සංඛ්‍යාවකටද රංගනයෙන් දායක විය.

     

    පාසල් ගුරුවරයෙකු, පුවත්පත් කලාවේදියෙකු, වෘත්තීය සමිති නායකයෙකු ලෙසද බර්ටි කටයුතු කළේය. කලාව වෙනුවෙන් සිදු කළ මෙහෙවර උදෙසා රාජ්‍ය සම්මාන රැසකින් පිදුම් ලැබූ බර්ටි ශී‍්‍ර ලාංකීය කලා කෙතෙහි අමරණිය නාමයකි.

     

    ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාවේ මූල්‍ය අනුග‍්‍රහයක් මත රුපියල් ලක්ෂයක චෙක්පතක් ද මෙහිදී බර්ටි ගුණතිලක මහතා වෙත පිරිනමන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya