නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ප්‍රථම වතාවට කෙටි චිත්‍රපට උළෙලක්

    දෙසැම්බර් 04, 2015
     
    මධ්‍යම පළාත් සභාව මගින් ප්‍රථම වතාවට පවත්වනු ලබන කෙටි චිත්‍රපට උළෙල මේ මස  07 වැනි දින පෙ.ව. 9.00 ට පල්ලේකැලේ පළාත් සභා සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    මෙම කෙටි චිත්‍රපට උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.
     
    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කරන මෙම කෙටි චිත්‍රපට උළෙල සදහා තෝරාගෙන ඇත්තේ පළාතේ කෙටි චිත්‍රපටකරුවන් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයි. 
     
    මෙම කෙටි චිත්‍රපට උළෙලට සමගාමීව එදිනම මධ්‍යම පළාත් කෙටි නාට්‍ය උළෙලක්ද පැවැත්වීමට නියමිතය. ඒ සදහා කෙටි නාට්‍ය 05 ක් ඇතුලත්ය.
     
    මෙම කෙටි නාට්‍ය හා චිත්‍රපට උළෙල නියෝජනය කරන්නේ මෙම වසරේ මධ්‍යම පළාත් නිර්මාණකරුවන්ගේ නිර්මාණ එළි දැක්වීමට පවත්වන ලද තරගාවලියෙන් ජයගත් නිර්මාණයන්ය. 
     
    AP/DMU-Kandy
     
     
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya