ජූනි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය 30 දා

    නොවැම්බර් 28, 2015
    මහනුවර දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය මේ මස 30 වැනි දින පෙ.ව. 9.00 ට අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියගේ සහභාගීත්වයෙන් මහනුවර උඩරට කලාසංගම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
    සංස්කෘතික කටයුතු දෙපාර්ත‍මේන්තුවේ අනුග්‍රහයෙන්  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලබන  මෙම සාහිත්‍ය උත්සවයේ තේමා පාඨය වනුයේ  "කටු පදුරු මත නව මල් පුබුදුවාලන අක්වැස්ස"  යන්නයි. 
     
    මෙවර උත්සවයේ ප්‍රධාන අංගය ලෙස පැවැත්වෙන රසවින්දනය පිළිබද දේශනය බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනාධිපති විශාරද කරුණාරත්න විජේවර්ධන මහතා විසින් පැවැත්වීමට නියමිත අතර, තවත් විවිධ සංස්කෘතිකාංග රැසක්ද උත්සවය සදහා ඇතුලත්ය.
     
    දිස්ත්‍රික් සාහිත්‍ය තරග වලින් ජයගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් රැසක් සදහා සම්මාන සහ සහතිකපත් පිරිනැමීමද මෙම උත්සවයේදී සිදු කිරීමට නියමිත අතර, දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයද මෙම උත්සවය සංවිධානය සදහා දායකත්වය  සපයයි.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya