මෙම ධාතු ප්‍රදර්ශණය විවෘත කිරීම දෙසැම්බර් 21 වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය.
දෙසැම්බර් 20 වන දින කටුනායකින් මෙරටට වැඩම කරවන ධාතුන් වහන්සේලා විශේෂ රිය පෙරහරකින් පානදුර විහාරස්ථානය කරා වැඩම කරවීමට නියමිත අතර ධාතු ප්‍රදර්ශණය කිරීම පෙ.ව.9.00 සිට රාත්‍රිය දක්වා සිදු කෙරේ.
කළුතර දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍ය ආයතන ,පළාත් පාලන ආයතන පොලිසිය හා ක්‍රිවිධ හමුදාව හා රාජිත සේනාරත්න පදනම එක්ව මෙම ප්‍රදර්ශණය සංවිධානය කර ඇත.
AP