1973 වර්ෂයේ සුබ සහ යස නාට්‍යයෙන් නාට්‍ය ජීවිතය ආරම්භ කර ඇති නිහාල් ප‍්‍රනාන්දු මහතා දැනට හෘදයාබාධ රෝගී තත්ත්වයෙන් පසුවන අතර දෙදරු පියෙක් වන ඔහු අද ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටි.
කලාවට ඇති ආදරය නිසාම 1996 වසරේ දී ඔහු , අමාන්තය, නම් වූ චිත‍්‍රපටියක් නිෂ්පාදනයට තම නිවස උගස් කිරීමෙන් නිවස ද බැංකුට සින්න විය.
මේ වන විට අසරණ තත්ත්වයේ සිටින බව දැනගත් වත්මන් ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා නිහාල් ප‍්‍රනාන්දු මහතාට ජාතික චිත‍්‍රපට සංස්ථාවේ අනුග‍්‍රහයෙන් මූල්‍යමය ආධාරයක්ද පිරිනමන ලදී.
අප රටේ කලා කෙත අස්වැද්දූ ඒත් අද ජීවත්වීම පවා නොහැකිව අසරණ වී සිටින එම කලාකරුවන් පිළිබඳව සෙයාබලා ඔවුන්ගේ ඕනෑඑපාකම් පිළිබඳවත්, අවශ්‍ය උදව් උපකාර කිරීමටත් තමා සූදනමින් සිටින බව ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක සම්පත් සුභසිංහආරච්චි, පුද්ගලික ලේකම් දයා අවිරුප්පොල, මාධ්‍ය ලේකම් බුද්ධිෂ මධුශංක අබේගුණවර්ධන යන අයද එක්ව සිටියහ.
kpm