ඒ අනුව හෙට සමාරම්භ උළෙලින් අනතුරුව හරසර සම්මාන හා කෙටි චිත්‍රපට උළෙල, 10දා පාසල් වැඩමුළු, කතුවර අභිෂේකය හා වායෝ ප්‍රසංගය ද, 11දා මේ අපේ හැන්දෑව සහ දින තුනක් පුරා ක්‍රියාත්මක ප්‍රදර්ශන ගම්මානය ඇතුළු අංග රාශියකින් මෙම උළෙල සමන්විත වේ.
ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේ දී මාධ්‍ය ක්ෂේත්රයේ උනන්තිය වෙනුවෙන් එක්වරක් පමණක් හිමිවන හරසර සම්මානය මෙවර ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතා වෙනුවෙන් පිරිනැමේ.
ජනමාධ්‍ය භාවිතය සම්බන්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳ විද්‍යාර්ථයන්ගේ කුසලතා වර්ධනය කිරීම අරමුණු කොට පවත්වනු ලබන මෙම උළෙල ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ පවත්වන එකම මාධ්‍ය උළෙල ද වේ.
DB