මේ වැඩමුළුව මෙහෙයවනු ලබන්නේ අන්තර්ජාතික කීර්තියට පත් ඉන්දීය සිනමාකරුවකු වන කේ. හරිහරන් මහතා විසිනි. ඉන්දියාවේ පූනේහි චිත්‍රපට හා රූපවාහිනී ආයතනයේ චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ උපාධිධාරියකු වන ඔහු සිනමා විෂයය පිළිබඳ දක්ෂ ගුරුවරයෙක් ද වෙයි.
හයිද්‍රාබාද්හි Mahindra Ecole Centraleys මහාචාර්යවරයකු හා පීඨාධිපති වන ඔහු 1995 වසරේ සිට පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයයේ දකුණු ආසියාතික ප්‍රදේශීය අධ්‍යයන අංශයේ සිනමාකරණය ඉගැන්වීමේ නිරත ව සිටි. ඔහියෝහි පිහිටි ඔක්සෆර්ඞ්, මියාමි විශ්වවිද්‍යාලයයේ ආරාධිත පීඨයේ ද ඉන්දියාවේ පූනේහි සිනමා හා රූපවාහිනී ආයතනයේ ද චෙන්නායිහි මාධ්‍ය පිළිබඳ ආසියාතික විදුහලේ ද සිනමාකරණය පිළිබඳ දේශන පවත්වයි.
Mahindra Ecole Centrale හා සම්බන්ධ වීමට පෙර ඔහු ප්‍රසාද් චිත්‍රපට හා රූපවාහිනී ඇකඩමියේ අධ්යක්ෂවරයා විය. ප්‍රසාද් ආයතනය විසින් ප්‍රවර්ධනය කරන ලද ව්‍යාපෘතියක් මඟින් දක්ෂතා සහිත චිත්‍රපට අධ්යක්ෂවරුන්, රූපවාහිනී නිර්මාණකරුවන් හා කාර්මිකයන් පුහුණු කිරීමේ දෑ අවුරුදු පාඨමාලාවක් ඔහු විසින් පවත්වන ලදි.
මරාති, දෙමළ හා හින්දි භාෂාවන්ගෙන් වෘතාන්ත චිත්‍රපට හතක් ඔහු විසින් නිර්මාණය කර ඇත. මේ චිත්‍රපට අතරින් කෘති තුනක් ජාතික හා අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වී ඇති අතර, බර්ලින්, එඩින්බරෝ සහ ව්ලැඩිවොස්ටොක් වැනි කීර්තිමත් සිනමා උළෙලවල දී තිරගත කර ඇත. ඉන්දීය ළමා චිත්‍රපට සංගමය වෙනුවෙන් ද ඔහු චිත්‍රපට තුනක් අධ්‍යක්ෂණය කර ඇත. තව ද කෙටි හා වාර්තා චිත්‍රපට රාශියක් ද ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත.
හරිහරන් මහතා විවිධ ජාතික හා අන්තර්ජාතික සිනමා ජූරි සභාවන්හි සභාපති වශයෙන් ද කටයුතු කර ඇත.
වැඩමුළුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර එය න්‍යායික දේශන සහ ප්‍රායෝගික කැමරාකරණය හා සංස්කරණය සහිත ව අවසානයේ නිමි ව්‍යාපෘතියක් බවට පත් වේ. සැම දේශනයක ම සාරාංශයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කෙරෙනු ඇත.
වැඩමුළුව අවසානයේ හරිහරන් මහතා ගේ අත්සනින් යුත් වටනා සහතික පත්‍රයක් සහභාගී වන්නන්ට පිරිනැමේ.
මේ පිළිබඳ වැඩි විස්තර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලාල් විජේතුංග (0714413388 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. තරිඳු ජයතිස්ස (0711342232 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. හෝ ආසියානු සිනමා කේන්ද්‍රයේ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයෙන් ලබාගත හැකි ය.