නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයට චීනයෙන් මූල්‍යමය ආධාර

    ඔක්තෝබර් 28, 2015

    පසුගියදා ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑංග් ලියෑංග් මහතා විසින් ශ්‍රී ලංකා ජාතික පුස්තකාල මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්.ඒ. අබේසිංහ මහතා හමුවූ අවස්ථාවේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණු වැඩසටහන ඩිජිටල්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 2ක මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙන ලදී.

    තානාපති යි මහතා මෙහිදී පැවසුවේ පුස්තකාල ධාරිතා සංවර්ධනය ඇතුළු සංස්කෘතික හා අධ්‍යාපනික යන ක්ෂේත්‍රයන් වලදී චීනය තවදුරටත් ශ්‍රී ලංකාව සමඟ හුවමාරු සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට සූදානම්ව සිටින බවයි. චීනය ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සංවර්ධනය සඳහා සිය දායකත්වය උපරිමයෙන් ලබා දීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය.


    ආචාර්ය අබේසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයට හා අනෙකුත් සංස්කෘතික ආයතනයන් සඳහා චීනය දක්වන දිගු-කාලීන සහාය අගය කරන ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya