නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පකිස්තාන මිත්‍රත්ව රාමසාන් බසාර් හෙට

    ජූනි 26, 2015

    ශ්‍රී ලංකා-පකිස්තාන මිත්‍රත්ව සංවිධානය, පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය හා සහයෝගයෙන් තෙවැනි වරටත් සංවිධානය කර ඇති රාමසාන් සහ ඊද් වෙළඳ බසාර් (Ramazan and Eid Trade Bazaar) හෙට (27) කොළඹ 04 ඩච් බර්ගර් යූනියන් හිදී පැවැත්වේ.

     

    ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් සයිඩ් ශකීල් හුසේන් මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය.

     

    පළමු සහ දෙවන රාමසාන් සහ ඊද් වෙළඳ බසාර් දුටු සාර්ථකත්වය හේතුවෙන් ශ්‍රී ලංකා-පකිස්තාන මිත්‍රත්ව සංවිධානය විසින් දෙක මිත්‍ර රටවල් දෙක අතර ජනතාව අතර සම්බන්ධතා සහ ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් වැඩිකර ගැනීමේ අරමුණින් මෙය වාර්ෂිකව අඛණ්ඩව පැවැත්වයි.

     

    රාමසාන් සහ ඊද් සඳහා මිහිරි මස්, ප්‍රණීත රසකැවිලි, අච්චාරු හා චට්නි සහ විලාසිතා පිළිබඳ උනන්දු කාන්තා, පිරිමි සහ ළමුන් සඳහා රූපලාවන්‍ය ආලේපන, සුවඳ විලවුන්, සෙල්ලම් බඩු, තෑගි භාණ්ඩ, මෙහෙන්දි සහ ඇඳුම් ඇතුළු අයිතම සහ බුරියානි ඇණවුම් ආදිය මෙම රාමසාන් හා ඊද් වෙළඳ බසාර් හි ඇත.

     

    මෙම අවස්ථාවට 5000කට අධික නරඹන්නන් පිරිසක් සහභාගී වනු ඇතැයි සංවිධායකයින් බලාපොරොත්තු වේ. වාසනාවන්ත ඇතුල් වීමේ ප්‍රවේශ පත්‍රයට හා දිනුම් ඇදීමේ ටිකට්පත් සඳහා වූ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමට ද සැලසුම් කර ඇත.

     

    රාමසාන් හා ඊද් වෙළඳ බසාර් හෙට පෙරවරු 9:30 ට ආරම්භ කෙරෙන අතර පස්වරු 5:30ට නිමා වෙනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya