නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 කොරියානු සංස්කෘතික උත්සවය අද ඇරඹේ

    ජූනි 26, 2015

    2015 කොරියානු සංස්කෘතික උත්සවය අද (26) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඇරඹේ.

     

    කොරියානු තානාපති කාර්යාලය, සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශය සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශය හා එක්ව සංවිධානය කර ඇති මෙම උත්සවය කොරියානු සංස්කෘතිකාංග සහ ක්‍රීඩා සඳහා විවෘත වේ.

     

    මූලික අංග 3කින් සමන්විත මෙම උත්සවයේ දී කේ-පොප් ලෝක උළෙල 2015 සහ කොරියානු දැනුම මිනුම තරගය 2015, පළමු කොරියානු තානාපතිවරයාගේ සහ Kukkiwon කුසලාන Taekwondo තරගාවලිය දැකගත හැකිය.

     

    ජුනි 10 දිනෙන් අවසන් වූ කේ-පොප් ලෝක උළෙල 2015 සහ කොරියානු දැනුම මිනුම තරගය 2015 සඳහා අයදුම්පත් කැඳවීම ඉතා සාර්ථකව නිමාව දුටු අතර විශාල අයදුම්පත් සංඛ්‍යාවක් මේ සඳහා තානාපති කාර්යාලය වෙත ලැබී ඇත. මෙය ශ්‍රී ලාංකීය ජනතාව මෙම උළෙලට සහභාගී වන ප්‍රථම අවස්ථාව යි.

     

    දැනුම මිනුම තරගයට සියයකට අධික තරගකරුවන් පිරිසක් සහභාගී වූ අතර 65ක පිරිසක් සමඟ කණ්ඩායම් 36ක් කේ-පොප් තරගය සඳහා සහභාගී වී ඇත. උත්සවයේ මෙම අංගයේ ප්‍රචාරණය ජාත්‍යන්තර මට්ටමක පවතින අතර මේ සඳහා ඉන්දුනීසියානු කණ්ඩායමක් ද ලියාපදිංචි වී තිබිණි.

     

    කොරියානු තානාපති කාර්යාලය විසින් මෙම සංස්කෘතික උත්සවයට පැමිණ විනෝද වීම සඳහා ශ්‍රී ලාංකීය මහජනතාවට විවෘත ආරාධනයක් ද සිදු කරන ලදී.

     

    මෙම උත්සවය සඳහා අනුග්‍රහය දක්වන්නේ සැම්සුන්ග්, කොරියන් එයාර් ලයින්, කේඅයිඒ, හයිඋන්ඩායි සහ අබාන්ස් ආයතනයන් ය. මෙම උත්සවය සඳහා මහජනතාවට ඇතුල්වීම නොමිලේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya