නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවිනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය ජූලි 25 සිට අගෝස්තු 07 දක්වා

    ජූනි 22, 2015
    මාතර - දෙවිනුවර ඓතිහාසික ශ‍්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු ජූලි 18 සෙනසුරාදා දින කප් සිටුවීමෙන් ආරම්භ කරන බව මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය පැවසීය.
     
    දිස්ත්‍රික් ලේකම්තුමිය මේ බව පැවසුවේ, දෙවිනුවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය පිළිබඳ ව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කම්ටු රැස්වීමේදීය.
     
    ඒ අනුව ජූලි 25 වන සෙනසුරාදා දින සන්ධ්‍යා භාගයේදී ආරම්භ  වන පේළි පෙරහැර  26, 27, 28, 29 හා 30 වන දින හය පුරා ද පැවැත්වීමට නියමිතය.
     
    ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන ජූලි 31 සිකුරාදා දින සවස 3.01ට යෙදෙන සුබ මොහොතින් ඉතා උත්කර්ෂවත්ව රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය.
     
    අලි ඇතුන් සහිත ව පැවැත්වෙන රන්දෝලි මහා පෙරහර සඳහා නර්තන කණ්ඩායම් සියයකට අධික ප‍්‍රමාණයක් සහභාගි කිරීමට සැලසුම් කර තිබේ.
     
    ජූලි 31දා සිට දින 07ක් පුරා සල්පිල පැවැත්වෙන අතර අගෝස්තු 06දා රාත‍්‍රිය මුළුල්ලේ කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය පවත්වා, ගිනි පාගා 07 වන දින දේව දානය පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු නිමා කෙරේ.
     
    ක‍්‍රි.ව. 1257දී ප‍්‍රථම වරට ආරම්භ කරන ලද දෙවිනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වසර 757ක් පුරා පවත්වා ඇති අතර මෙවර පැවැත්වෙන්නේ 758 වන පෙරහර මංගල්‍යයයි. 
     
    දෙවිනුවර ඓතිහාසික රාජමහා විහාරාධිපති දෙවිනුවර සුනන්ද නාහිමියන් සහ ඓතිහාසික ශ‍්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර බස්නායක නිලමේ වන දෙවිනුවර ප‍්‍රාදේශීය ලේකම් දර්ශන වික‍්‍රමාරච්චි මහතා ඇතුළු පෙරහර කමිටුවට සම්බන්ධ සියලු ආයතන හා නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
     
    NDH/TI dmu_Matara

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya