මුස්ලිම් ප්රධාන පල්ලියේ නව සඳ බැලීමේ පූජක කමිටුව විසින් අද සිට උපවාසය ආරම්භ කරන ලෙස ඉස්ලාම් බැතිමතුන් වෙත දැනුම් දී තිබේ.
මාසයක පමණ කාලයක් දෙවියන් වෙනුවෙන් කැප වී උපවාසයේ නිරතවීමෙන් පසු යළි නව සඳ බලා රාමසාන් උපවාසය අවසන් කර ඊදුල් පීතර් උත්සවය සැමරීම මෙහිදී සිදු කරනු ඇත.
මේ කාලය අතරතුර මුස්ලිම් පාසල්වල දරුවන් වෙනුවෙන් දෙවන පාසල්වාර නිවාඩුව ආරම්භ වේ ඒ අනුව ඊයේ (19) මුස්ලිම් පාසල් දරුවන්ගේ පාසල් නිවාඩු කාලය ආරම්භ කළ අතර ජුලි 20දින යළි පාසල් ආරම්භ කිරීමට නියමිතය.
NDH