නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාතික කෞතුකාගාරයට අධි තාක්ෂණික කැමරා පද්ධතියක්

    ජූනි 19, 2015
    කොළඹ ජාතික කෞතුකාගාරයේ  ආරක්ෂාව සඳහා ලෝකයේ අධි තාක්ෂණයෙන් යුතු කැමරා පද්ධතියක් සවි කිරිමට කටයුතු කරන බව සංස්කෟතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා සඳහන් කරයි.
     
    කොළඹ ජාතික කෞතුකාගාරයේ වර්තමානයේ සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමේ අරමුණින් පසුගිය දා ‍ අමාත්‍යවරයා කොළඹ ජාතික කෞතුකාගාරයේ නිරික්ෂණ චාරිකාවකට එක්විය.
     
    යුද හමුදාව විසින් සිදුකරන ලබන ප්‍රතිසංස්කරණ කටයුතු මෙන් ම ජාතික කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් ජනතාවගේ යටිතල පහසුකම් පිළිබඳ ව එහිදී අමාත්‍යවරයාගේ අවධානයට ලක් විය.
     
    මෙම අවස්ථාව සඳහා කෞතුකාගාර අධ්‍යක්ෂිකා සනුජා කස්තුරිආරච්චි, කෞතුකාගාර අධිකාරි රංජිත් හේවගේ ඇතුළු පිරිසක් සහාභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya