නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ජනවාස දිනයට සමගාමීව තිරපිටපත් තරඟාවලියක්

    ජූනි 14, 2015
    A scriptලෝක ජනාවාස දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකායේ  පිළිසරු ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලබන රූපවාහිනී-ගුවන්විදුලි තිර පිටපත් තරඟාවලිය - 2015 පැවැත්වීමට සැලසුම් කොට තිබේ.
     
    ''ගෘහීය කසළ විධිමත් බැහැරලීම තුළින් පිළිසරු ප්‍රශස්ථ විසඳුමකට'' යන්න මෙවර තරගාවලියේ තේමාවයි.
     
    මේ වනවිට පාරිසරික හා සාමාජීය ප්‍රශ්නයක් බවට පත්ව ඇති කසළ ප්‍රශ්නයට කල්පවත්නා විසඳුමක් ලබාදීම සඳහා ජනතාවට දනෙන ආකාරයෙන් යම් පණිවුඩයක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.
     
    තෝරාගන්නා ජයග්‍රාහී නිර්මාණ මගින් මධ්‍යම පරිසර අධිකාරියේ නිෂ්පාදනයක් ලෙසින් රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනය කෙරේ. තිරපිටපත් නිර්මාණ, අගෝස්තු 31ට ප්‍රථම අධ්‍යක්ෂ,.පිළිසරු ව්‍යාපෘතිය, මධ්‍යම පරිසර අධිකාරිය,ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතු අතර වැඩිදුර තොරතුරු දූරකතන අංක 011-2873449 ඇමතීමෙන් ලබාගත හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya