නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ශ්‍රි ලංකාවේ ස්වාභාවික ආපදා කළමනාකරණය , න්‍යාය හා ක්‍රමවේද" කෘතිය හෙට එළිදකී

    ජූනි 11, 2015
    ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ආචාර්ය රිඩ්ලි ජයසිංහ මහතා විසින් රචිත "ශ්‍රී ලංකාවේ ස්වාභාවික ආපදා කළමනාකරණය, න්‍යාය හා ක්‍රමවේද" ග්‍රන්ථය එළිදැක්වීම හෙට (12) පෙරවරුවේ කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී සිදු කෙරේ.
     
    සමාජ සේවා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ෆිලික්ස් පෙරේරා,  ධීවර අමාත්‍ය මහින්ද අමරවීර යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පැවැත්වේ.
     
    මෙම උත්සවයේ ප්‍රධාන දේශනය රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් අමරසිංහ මහතා විසින් සිදු කරනු ලබයි. 
     
    පර්යේෂණ ඇසුරෙන් රචිත මෙම ග්‍රන්ථයේ ගෝලීය වශයෙන් ශ්‍රී ලාංකේය සමාජයට ඇති කළ ස්වාභාවික ව්‍යසන, එයට බලපෑ හේතු හා එම ආපදා කළමනාකරණය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද යනාදි ක්ෂේත්‍ර රැසක තොරතුරු ද මෙම කෘතියේ  අන්තර්ගතය.  
     
    මීට අමතරව මෙම කෘතිය තුළ දැකිය හැකි තවත් සුවිශේෂි තත්ත්වයක් වන්නේ ස්වාභාවික ආපදා කළමනාකරණයේදී අනුගමනය කරන න්‍යාය හා ක්‍රමවේද ලාංකීය සමාජයට හා ආසියාතික රටවලට ගලපාගත යුතු ආකාරය පිළිබඳව අවධානය යොමු කර තිබීමයි. 
     
    ආචාර්ය රිඩ්ලි ජයසිංහ මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් ද කටයුතු කරනු ලබයි.  
     
    kpm
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya