නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් ජාතික වෙසක් දින සැමරේ

    ජූනි 10, 2015
    ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය හා යුනෙස්කෝ ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායම එක්ව යුනෙස්කෝව සඳහා වන ශ‍්‍රී ලංකා ජාතික කොමිෂන් සභාවේ සහයෝගිතාවෙන් අන්තර්ජාතික වෙසක් දින සැමරුම් උළෙල  මැයි 27 වැනි දින සිට 29 දින දක්වා ප‍්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
     
    ‘සංස්කෘතික අධ්‍යාපනය තුළින් ලෝක සාමය අභිවර්ධනය කිරීම‘තේමා යටතේ සාමය හා සුරක්ෂිතතාව ප‍්‍රවර්ධනය කිරීම, යුනෙස්කෝ සංවිධානයේ ව්‍යවස්ථාවේ මූලධර්මවලට ගැළපෙන පරිදි බුදුපියාණන් වහන්සේ 
     
    අනුස්මරණය කිරීම අවබෝධ කර ගැනීම මෙන්ම ධර්මය තුළින් ආගමික විශ්වාසයක් හා සංස්කෘතීන් අභිභවනය කිරීම මෙහි අරමුණ වේ.
      
    ශ‍්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි පිළිගැනීමේ කතාව සිදු කළ අතර ශ‍්‍රී ලංකා යුනෙස්කෝ සංවිධානය වසර 66ක් තුළ වැදගත් සංධිස්ථානයකට පැමිණ ඇති බව අමාත්‍යවරයා මෙහි පෙන්වා දුන්නේය.
     
    රටේ අරමුණුවලට මනාව ගැළපෙන ලෙස සංවිධානයේ අරමුණුවලට තවදුරටත් සහයෝගය ලබාදීමට හැකියාව ලැබීම හා විශේෂයෙන්ම 2015 – 2019 යුනෙස්කෝ සංවිධානයේ විධායක මණ්ඩලය සඳහා තරග කිරීමට ශ‍්‍රී ලංකාව ඉදිරිපත් වන මේ මොහොතේ සහයෝගය ලබාදීමට හැකිවීම අතිශය සතුටුදායක කරුණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 
     
    මෙහිදී  ‘ශ‍්‍රී ලාංකික උරුමය” යන තේමාව යටතේ ශ‍්‍රී ලංකාවේ විවිධත්වය හා සශ‍්‍රිකත්වය චිත‍්‍රයට නඟා තිබූ විශේෂ ප‍්‍රදර්ශනයක් නිල වශයෙන් විවෘත කළ අතර යුනෙස්කෝ සංවිධානයේ කටයුතු සඳහා ශී‍්‍ර ලංකාවේ ඉමහත් කැපවීම හා ශ‍්‍රී ලංකාවට ආවේණික සංස්කෘතික උරුමයන් සුරක්ෂිතව බෙදාහදා ගැනීමට යුනෙස්කෝ සංවිධානයේ කැපවිම පිළිබඳ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉරීනා බොකෝවා මහත්මියගේ අවධානයට යොමු විය.
      
    යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉරීනා බොකෝවා මහත්මියගේ  ප‍්‍රධානත්වයෙන් සහ ශ‍්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවති අතර ආගමික නායකයින් හා අන්තර් ජාතික විද්වතුන් හා යුනෙස්කෝ නිත්‍ය නියෝජිත මණ්ඩලවල තානාපති නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
     
    kpm
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya