නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුණ්‍ය ග්‍රාම විශේෂ සාරධර්ම වැඩසටහන ඇරඹේ

    මැයි 31, 2015

    සාරධර්ම පිරි සමාජයක් ගොඩනැගීම සදහා ගිහි පැවිදි කණ්ඩායම් වෙත පැවරෙන වගකීම නැවත සමාජගත කිරිමේ මුඛ්‍ය අබිලාසය ඇතිව පුණ්‍ය ග්‍රාම නමින් විශේෂ සාරධර්ම වැඩසටහනක් ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ බුද්ධශාසන අමාත්‍යංශය විසිනි.

     

    මෙහි සමාරම්භක වැඩසටහන පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 22 නියෝජනය වන පරිදි ගම්මාන 25 ක විහාරාධිපති ස්වාමින්වහන්සේලා , ග්‍රාමනිලධාරිවරුන් , කාන්තා නිලධාරින්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

     

     

    අනුරාධපුර මහ දිසාපති ඩි.පී.ජී. කුමාරසිරි, බුද්ධශාසන අමාත්‍යංශයේ අතිරේක ලේකම් රමණි ගුණතිලක ඇතුළු උසස් රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. අනුරාධපුර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු අංශය මගින‍් වැඩසටහන සංවිධානය කර තිබිණි.

     

    පුණ්‍ය ග්‍රාම විශේෂ සාරධර්ම වැඩසටහනේ දී ප්‍රධාන වැඩසටහන් දෙකක් ක්‍රියාවට නැංවේ. ඒ සාරධර්ම සුරැකීමේ අධ්‍යාත්මික වැඩසටහන හා විහාරස්ථාන කේන්ද්‍රකරගත් භෞතික සංවර්ධන වැඩසටහන ලෙසිනි.

     

    ශක්තිමත් සෞඛ්‍ය හා ආර්ථික වටපිටාවක් රට තුල නිර්මාණය කිරිම අතිශය වැදගත් වේ. එම නිසා ජනතාව ක්‍රම ක්‍රමයෙන් අයහපත් මෙන්ම සමාජ විරෝධි ක්‍රියාවන් හි නිරතවිමේ නැඹුරුව අවම කළ යුතුය. ඒ සඳහා දෙමාපියන් හා දරුවන් අතර යහපත් සබඳතාවක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. ඊට පැවිදි පිරිසේ සහය අත්‍යවශ්‍ය ය. මේ නිසා විහාරස්ථාන කේන්ද්‍රකරගනිමින් ග්‍රාමිය ආර්ථික , සමාජ , දේශපාලන , සංස්කෘතික , පාරිසරික ආදි තත්ත්ව නංවාලීමට මෙම වැඩසහන ඉතා වැදගත් මුලාරම්භයක් වනු ඇත.

     

    සංගීත වැඩසහන් , මනෝ විද්‍යාත්මක වැඩසහන්, සිසු නිපුණතා ඇගයිම් මෙන්ම විවිධ දේශන වලින් මෙම වැඩසහන යටතේ ක්‍රියාත්මක කෙරේ.

     

    SDF/SB_dmu_anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya