ඒ අනුව අද පස්වරු 3.00 බංග්ලාදේශ කෙටි චිත්රපටයක් වනThe Container ද, පස්වරු 3.30ට Shikhandi Kotha විශේෂාංග චිත්රපටය ප්රදර්ශනය කෙරෙන අතර ම පස්වරු 6.00ට Have a Nice Day! ශ්රී ලාංකික කෙටි චිත්රපටය සහ පස්වරු 6.30ට Mina Walking නම් ඇෆ්ගනිස්ථානු විශේෂාංග චිත්රපටය ද ප්රදර්ශනය කෙරේ.
ඊයේ (28) පස්වරු 3.30ට ශ්රී ලාංකික කෙටි චිත්රපටයක් වන Dreams, Weavers & Viewers චිත්රපටය ද, පස්වරු 4.00ට ඉන්දීය විශේෂාංග චිත්රපටයක් වන Chotoder Chobai හා පස්වරු 6.00ට නේපාල කෙටි චිත්රපටයක් වන Love? Lust? Love හා පස්වරු 6.30ට ශ්රී ලාංකික විශේෂාංග චිත්රපටයක් වන Motor Cycle චිත්රපටයන් ද ප්රදර්ශනය කෙරුණි.
31දා දක්වා පැවැත්වෙන මෙම චිත්රපට උළෙල පැවැත්වෙන කාලය තුළ සියලු චිත්රපට නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්රේක්ෂක ජනතාවට හිමි වේ. අවසන් දිනය වන 31දා චිත්රපට අධ්යක්ෂකවරුන් සඳහා වැඩමුළුවක් පැවැත්වීමෙන් මෙම උළෙල නිමාවට පත් වේ.
චිත්රපට උළෙල ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ.
DB