නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල් මැණික්වලින් තවමත් ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛස්ථානයේ

    මැයි 21, 2015

    ලෝකයේ ප්‍රමුඛ පන්තියේ මැණික් නිෂ්පාදනය සඳහා වන උරුමයට හිමි ඔටුන්න තවමත් ශ්‍රී ලංකාව සතු වේ. දිනෙන් දින ඔප් නැංවෙන සුන්දරත්වයෙන් වශීකෘත ව සිටින ශ්‍රී ලංකාව හැඳින්වීමට 'රත්න දීපය' යන නාමය තවමත් වලංගුව පවතින්නේ ද එම නිසාය.


    kateeබ්‍රිතාන්‍යයේ වාර්තා වූ පුවතක් හේතුවෙන් ජාත්‍යන්තරයේ මෙරට මැණික් ‍සඳහා වූ ඉල්ලුම තව තවත් වැඩි කිරීමට සමත් විය. එනම් එංගලන්තයේ ඔටුන්න හිමි කුමරු වන විලියම් කුමරු සිය සහකාරිය වන කැතරින් මිඩ්ල්ටන් හෙවත් කේට් හට පළඳවන ලද මුදුවේ ඔබ්බවා ඇති නිල් මැණික ශ්‍රී ලංකාවේ මැණිකක් බව අනාවරණය වීමෙනි. විවාහ ගිවිස ගැනීමේ මුදුවලින් ලොව මෙතෙක් වැඩිපුරම කතාබහට ලක් වූ මුදුව මෙය යි. මෙම මුද්ද විලියම් කුමරුගේ පියා වන චාල්ස් කුමරු විසින් ඩයනා කුමරියට පළඳන ලද මුදුවම වන අතර මෙම මුදුවෙහි ඔබ්බවා තිබෙන නිල් මැණික් ගල ශ්‍රී ලංකාවෙන් ලබාගෙන ඇති ඉහල වටිනාකමකින් යුත් බ්ලූ සෆායර් වර්ගයේ මැණිකක් වන බව බ්‍රිතාන්‍යයේ මාධ්‍ය වාර්තා රැසක සඳහන් විය.

     

    මැණික් උරුමය සහිත ජාතීන් අතර ලෝකයේ සොයාගෙන ඇති වර්ණ ගල් 200න් ශ්‍රී ලංකාව මැණික් වර්ග 70කින් සුඛිceylon-sapphireත මුදිත වේ. ඒ අතරින් "සිලෝන් සෆායර්" (Ceylon Sapphire), ලොව පුරා විශේෂිත නාමයක් ද සමඟ ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානය හිමි කර දීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකා ධරණි තලයෙන් මතු කර ගන්නා මැණික් ගල් වටිනා හා අර්ධ වටිනාකමකින් යුත් වශයෙන් වර්ග කළ හැකි අතර ''නිල් මැණික'' ශ්‍රී ලංකාවේ ජාතික පාෂාණය ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.

     

    gem 2hhශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ ගණයේ මැණික් වර්ග තිබීම ද මෙම රත්න දීපයේ විශේෂත්වය වේ. කොරන්ඩම් ඒ අතර හමුවන දීප්තිමත් වර්ණයන්ගෙන් යුත් මැණික් විශේෂයකි.  පුෂ්පරාග මේ වර්ගයේ මැණිකක් වන අතර එය කහ වර්ණයෙන් යුක්ත වෙයි. ලා රෝස පැහැති පද්මරාග, නිල් හා රතු ආරුනූල් ද මේ වර්ගයේ මැණික් වෙයි. කනක නම් තවත් මැණික් වර්ගයක් මෙරටින් හමුවන අතර වෛරෝඩි, පසිංගල් මේ වර්ගයට අයත් වේ. මේවා ළා කොළ, තද කොළ පැහැයන්ගෙන් යුතු වෙයි. එසේම පදියං නැමැති මැණික් වර්ගයක් ලංකාවේ දක්නට ලැබෙන අතර කොළ, කහ, දුඹුරු හා ළා රතු පැහැති ජාගුන් නම් මැණික් වර්ගයද මෙරටින් හමු වෙයි. රබහ තවත් මැණික් විශේෂයක් වන අතර ඒවා ළා රත් පැහැයෙන් යුක්ත වේ. ගෝමේද මේ වර්ගයට අයත්වෙයි. පළිඟු නම් මැණික් වර්ගයක්ද වන අතර මේවා කහ, සුදු හා රෝස වර්ණයන්ගෙන් යුක්ත වේ. එසේම තෝරමල්ලි, පුන්ක්කන්, දියතරිප්පු, ලෙස තවත් මැණික් වර්ග ශ්‍රී ලංකාවේ දක්නට ලැබේ. නිල් මැණික්, රතු මැණික් හා වෛරෝඩි ශ්‍රී ලංකාවේ ඉහළ ඉල්ලූමක් ඇති මැණික් ගල් අතරට අයත් වේ.

     

    ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන දේ අතර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ප්‍රධාන තැනක් ගනී.  කාන්තා හා පිරිමි අංශ සඳහා මැණික් ඔබ්බවූ නිර්මාණය‍න් ශ්‍රී ලංකාව ලෝක ස්වර්ණභරණ වෙළෙඳපොළට ලබා දේ. ටයි කටු, ටයි ක්ලිප්, කමිස සඳහා අත් ගාංචු, කරාබු, මුදු, මාල පෙන්ඩන්ට්, අත් පළඳනා, ගෙළ පළඳනා සහ සාරි කටු මෙන්ම සුවිශේෂී ස්වර්ණාභරණ ප්‍රධාන තැනක් ගනී. කැරට් 9, 14, 18 ප්‍රමාණ‍යේ රන්, ප්ලැටිනම්, රිදී හෝ ලෝහ වර්ග 2 හෝ ඊට වැඩි ගණනක සම්මිශ්‍රණයෙන් ස්වර්ණාභරණ නිෂ්පාදනය කෙරේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya