මෙවර ලෝක නර්තන දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නර්තන කලාවට අනුපමේය සේවයක් කළ නර්තන ශිල්පීන් 55 දෙනෙකුට ගෞරව උපහාර පිරිනැමීම හා මාතලේ දිස්ත්‍රික්කයේ කලාකරුවන්ට කලාකරු හැදුනුම්පත් ප්‍රදානය කිරීමට නියමිත අතර මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා විසින් පවත්වනු ලබන විශේෂ දේශනයක් හා නර්තන ප්‍රසංගයක් ද පැවැත්වේ.
එදින පස්වරුවේ මාතලේ ඓතිහාසික අලුවිහාරස්ථාන භූමියේ දී රටට සෙත්පතා කොහොඹා යක් කංකාරිය ශාන්ති කර්මය පැවැත්වීමට ද නියමිතය.
ලෝක නර්තන දින සැමරුම් උළෙල සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය අනු මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබයි.
නර්තන ශිල්පීන්ගේ සේවාව අගය කිරීම හා සැමරීම උදෙසා 1982 වර්ෂයේ දී යුනෙස්කෝ ආයතනය විසින් ලෝක නර්තන දිනය ලෙස අප්‍රේල් 29 වන දින ප්‍රකාශයට පත් කොට ඇත.
DB