නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාකරු විශ්‍රාම වැටුප් හා ජාතික කලාකරු හැඳුනුම්පත් ප්‍රදානෝත්සවය අද

    අප්‍රේල් 21, 2015
    සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ප්‍රවීණ කලාකරුවන් හඳුනාගැනීම සඳහා සම්පාදනය කරනු ලැබූ “ජාතික කලාකරු හැඳුනුම්පත්“ ප්‍රදානෝත්සවය හා “කලාකරු විශ්‍රාම වැටුප් පිරිනැමීමේ උත්සවය“සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරු 9.30ට ටවර්හෝල් රඟහලේ දී සිදු කෙරේ.

    කලාකරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ 2015 වර්ෂයේ විශ්‍රාම වැටුප්  හිමිවන කලාකරුවන් 35 දෙනෙකුට විශ්‍රාම වැටුප් මෙදින පිරිනැමීමට නියමිතය. මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයේ විශේෂත්වය වන්නේ මෙම ක්‍රමයට  දායක වන සියලු කලාකරුවන්ගේ මාසික වාරික මුදල් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ගෙවනු ලැබීමය. මෙම ක්‍රමයට දායක වන සියලු කලාකරුවන්ට වයස අවු. 60 සිට ජීවිතාන්තය දක්වා ස්ථිර විශ්‍රාම වැටපක් හිමි වන අතර  කලාකරුවාගෙන් පසුව කලත්‍රයාට එම විශ්‍රාම වැටුප හිමි වේ. 

     
    කලාකරු හැදුනුම්පත් ප්‍රදානයේ දෙවැනි අදියරේ කලාකරු හැඳුනුම්පත් හිමි කලාකරුවන් 500 දෙනෙකුට මෙදින හැඳුනුම්පත් ලබාදෙන අතර එම හැඳුනුම්පත් හිමි කලාකරුවන් දැනුවත් කර ඇත. හැදුනුම්පත් අයදුම් කළ සුදුසුකම්ලත් අනිකුත් කලාකරුවන් සඳහා ඉදිරියේ දී හැඳුනුම්පත් නිකුත් කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya