අමාත්‍යවරයා විසින් ජාතික ධජය ඔසවා පොල්තෙල් පහන දැල්වීමත් සමඟම මෙම උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙහිදී ප්‍රථමයෙන්ම රුවන් විජයවර්ධන මහතා විසින් බයිසිකල් ධාවන තරගය හා මැරතන් තරගය ආරම්භ කිරීම සඳහා ධජය ඔසවා සංඥාව ලබාදෙන ලදී. ශ්‍රී ලංකාවේ පාරම්පරිකව පවත්වාගෙන එනු ලබන ජන ක්‍රීඩා 40 කට ආසන්න ප්‍රමාණයක් මෙම බක් මහ උළලේදී පවත්වනු ලැබීය.
මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙම උත්සවය සංවිධානය කල සියලුම ප්‍රාදේශීය සාමාජිකයිනට සිය ස්තූතිය පුද කරනු ලැබූ අතර ඔවුනට හා උත්සවය සඳහා පැමිණ සිටි සියලුම දෙනාට සුබ නව වසරක් වේවායි ද ප්‍රාර්ථනා කළේය.
මෙම බක්මහ උළෙල සඳහා ප්‍රාදේශීය සභා නියෝජිතයින්, සම්භාවනීය ආරාධිතයින් ඇතුළු ප්‍රදේශවාසී විශාල පිරිසක් සහභාගී වී සිටියහ.