නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසල පෙරහැර අගෝස්තු 15-30

    අප්‍රේල් 15, 2015

    දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය නොමඳව දිනා ගත් ඓතිහාසික මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 15 වෙනිදා සිට 30 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

     

    ශතවර්ෂ ගණනාවක් පුරා පැවත එන මෙම ඓතිහාසික උත්සවය රටට සහ ජාතියට ආශිර්වාද කරමින් නොකඩවා පැවැත්විණි. ඓතිහාසිත තොරතුරු වලට අනුව ඇසල හා දළඳා පෙරහැර යනුවෙන් පෙරහැරවල් දෙකක් පවත්වා ඇත. ක්‍රි.පූ. 03 වන සියවසේ පමණ සිට ඇසල පෙරහැර වැසි දෙවියන් උදෙසා දෙනු ලබන පුද පූජාවක් ලෙස පවත්වා ඇති ඇති අතර, දළඳා පෙරහැර ක්‍රි.ව. 4 වෙනි සියවසේ සිට දන්ත ධාතූන් වහන්සේ මුල්කරගෙන පවත්වා ඇත.

     

    ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංකේතයක් බවට පත්ව ඇති ඇසල පෙරහැර නර්තනයන්ගෙන් සහ අගනා ලෙස  සැරසූ හස්තීන්ගෙන් සමන්විත වූ සංස්කෘතිකාංග පිරිවරාගත් උළෙලකි. මෙහි ගිනිබෝල කරුවන්ගේ නර්තන, කස කරුවන්, උඩරට නර්තන සහ අනෙකුත් විවිධ සංස්කෘතික නර්තනයන් ඇතුළත් වේ. පෙරහැරේ අලි ඇත්තු අධික ලෙස වියදම් කර නිමවූ මනරම් වස්ත්‍රයන්ගෙන් සැරසෙති. මෙම උළලෙහි නිමාව සනිටුහන් වනුයේ සම්ප්‍රදායික 'දිය කැපීමේ' මංගල්‍යයයෙනි.

     

    මහනුවර පෙරහැරේ වැඩසටහන

     

    සතර දේවාලයන් හි කප් සිටුවීම - අගෝස්තු මස 15
    දේවාල පෙරහැර (ඇතුල් දේවාල පෙරහැර) - අගෝස්තු මස 15 -19
    1 වන කුඹල් පෙරහැර (කුඹල් පෙරහැර) - අගෝස්තු මස 20
    2 වන කුඹල් පෙරහැර (කුඹල් පෙරහැර) - අගෝස්තු මස 21
    3 වන කුඹල් පෙරහැර (කුඹල් පෙරහැර) - අගෝස්තු මස 22
    4 වන කුඹල් පෙරහැර (කුඹල් පෙරහැර) - අගෝස්තු මස 23
    5 වන කුඹල් පෙරහැර (අවසන් කුඹල් පෙරහැර) - අගෝස්තු මස 5
    1 වන රන්දෝලි පෙරහැර (පළමු රන්දෝලි පෙරහැර) - අගෝස්තු මස 25
    2 වන රන්දෝලි පෙරහැර (දෙවන රන්දෝලි පෙරහැර) - අගෝස්තු මස 26
    3 වන රන්දෝලි පෙරහැර (තෙවන රන්දෝලි පෙරහැර) - අගෝස්තු මස 27
    4 වන රන්දෝලි පෙරහැර (හතරවන රන්දෝලි පෙරහැර) - අගෝස්තු මස 28
    අවසන් රන්දෝලි පෙරහැර (අවසාන මහා රන්දෝලි පෙරහැර) - අගෝස්තු මස 29
    දිඩා පෙරහැර (දිය කැපීමේ මංගල්‍ය) - අගෝස්තු මස 30

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya