මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ- ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විට ය. සීගිරිය මාතලේ දිස්ත්‍රික්කයේ ඉනාමලුව නම් ග්‍රාමයේ ශේෂ කඳු පංතියක් ලෙස පිහිටා ඇත.
මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැග සිටී. දිගින් කි: මී: 3ක් ද, පළලින් කි:මී:1ක් ද, පමණ වන සීගිරිය මුදුනේ විශාලත්වය අක්කර 3කි. අතිශෝභමාන වූ මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි:ව: 5වන සියවස අගභාගයේ දී ඉදි කෙරිණි.
පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගාව, ගඩොලින් තැනූ සිංහයාගේ රූපය, පර්වත ශිඛරයේ ඇඳ තිබෙන සීගිරි ලලනාවන් හා සීගිරි කැටපත් පවුර මඟින් හෙළිවන ක්‍රි.ව.5 වන සියවසේ පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම, ඉන්ජිනේරු විද්‍යාව, ජල තාක්ෂණය, ගෘහ නිර්මාණ ශිල්පය හා කලා ශිල්ප හා සාහිත්‍ය නිසා සීගිරිය සංස්කෘතික කෞතුකාගාරයකි.
මෙම උත්කෘෂ්ට පෞරාණික නිර්මාණයේ ආකර්ෂණයට හා සංස්කෘතික වටිනාකම් වෙත හානියක් නොවන පරිදි සීගිරිය නැරඹීමට විදුලියෙන් ක්‍රියාකරන සෝපානයක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා නව රජය බලාපොරොත්තු වේ. මෙම නවීකරණ ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ සීගිරිය නැරඹීමට ආබාධිත හා මහලු පුද්ගලයන්ට ද පහසුකම් සැලසීම බව රජය ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේදී ද ඉන්දියාව එංගලන්තය, ජපානය හා ප්‍රංශය ආදි රටවල් මෑත අතීතයේද සීගිරිය බළකොටුව සංකේතවත් කල මුද්දර ලොවට හදුන්වාදී ඇත.
වර්තමානයේ දී සීගිරිය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් හදුන්වා ඇති අතර පැරණි නගර නිර්මාණකරණය පිළිබඳව ලැබිය හැකි හොදම සංරක්ෂිත නිදසුනක් ලෙස ද සීගිරිය හැදින්විය හැක.
SDF